කඩුවෙල නගරාධිපතිත් වියළි ආහාර පාර්සල් ගසයි

කඩුවෙල නගරාධිපතිත් වියළි ආහාර පාර්සල් ගසයි

රජය විසින් කොළඹ දිස්ත්‍රික්කය වෙත දින තුනක් පුරා පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශයේ වෙසෙන, දෛනික ආදායම අහිමිව ඇති අඩු ආදායම්ලාභී පවුල් සඳහා වියළි ආහාර පාර්සල් ලබා දීමක් සිදු කිරිමට කටයුතු යොදා තිබේ.

කඩුවෙල සංවර්ධන කමිටුවේ සභාපති ලෙස අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මූලිකත්වයෙන් මෙම වියළි ආහාර පාර්සල් ලබා දීම සිදු කෙරේ.

මෙහිදී ග්‍රාමසේවා නිලධාරීන්ගේ නිර්දේශය අනුව සුදුසුකම් ලබන අඩුආදායම් ලාභී පවුල් වෙත මෙම ආහාර පාර්සල් ලබා දෙන බව මෙම කටයුතු සඳහා මැදිහත්ව සිටින කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතා ප්‍රමුඛ පිරිස පවසා සිටියි.

මේ අතර අනිද්දා දිනයේදී කොළඹ දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කිරීමෙන් අනතුරුව වුවද වෙළෙඳ සැල්වලට එක් රොක් නොවී, නිවෙසට අවශ්‍ය ආහාර ඇතුළු භාණ්ඩ දුරකතනය හරහා ඇනවුම් කිරීමෙන් නිවසටම ගෙනැවිත් දීමේ වැඩපිළිවෙලක්ද කඩුවෙල මහනගර සභාව තුළ ක්‍රියාත්මක වෙයි.

ඒ සඳහා දුරකතන අංක 0763 769 035 සහ 0710 402 905 යන දුරකතන අංක දෙක ලබා දී ඇති බව එහි සඳහන් වෙයි. එහිදී අවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවසට ලැබුණු පසුව මුදල් ගෙවීමේ අවස්ථාවද ලබා දී ඇත.

Visits: 35