සිංගප්පූරුවේ තෙමාසෙක් පදනමෙන් COVID-19 පරීක්ෂණ කට්ටල 5000ක්

සිංගප්පූරුවේ තෙමාසෙක් පදනමෙන් COVID-19 පරීක්ෂණ කට්ටල 5000ක්

මෙරට තුළ ක්‍රමයෙන් ව්‍යාප්ත වෙමින් පවතින COVID-19 වසංගත තත්ත්වයත් සමග, ඒ පිළිබඳ පරීක්ෂා කිරීම් සිදු කළ  හැකි කට්ටල 5,000ක් මෙරටට ප්‍රධානය කිරීමට සිංගප්පූරු රජයට අයත් Temasek Foundation International ආයතනය ඊයේ පියවර ගෙන තිබේ.

අදාළ ප්‍රදානය එම පදනමේ ප්‍රධාන විධායක නිලධාරී බෙනඩික්ට් චෙඔන්ග් විසින් සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්තුමිය වන ශෂිකලා ප්‍රේමවර්ධන මහත්මිය වෙත ඊවේ භාර දී තිබේ. මෙම පරීක්ෂණ කට්ටල 5,000 අද දිනයේදී මෙරටට ළගා වීමට නියමිතව ඇතැයි මහකොමසාරිස් කාර්යාලය පවසා සිටියි. අනතුරුව මෙම කට්ටල සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදීමට නියමිතව ඇත.

සිංගප්පූරුවත් – ශ්‍රී ලංකාවත් අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය වෙනුවෙන් මෙම ප්‍රදානය සිදු කෙරෙන බව තෙමාසෙක් සංවිධානය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

සිංගප්පූරු රජයට අයත් ස්වෛරීත්ව අරමුදලක් වන Temasek Holdings යටතේ ක්‍රියාත්මක පරාර්ථකාමී සේවා සපයන ලාබ නොලබන ආයතනයක් ලෙස මෙම Temasek Foundation International ආයතනය ක්‍රියා කරයි. 1974 වසරේදී පිහිටවුණු මෙම ආයතනය මගින් සිංගප්පූරුවත් ආසියාවේ අනෙකුත් රාජ්‍යයන් වෙත අවශ්‍ය සංස්කෘතික, අධ්‍යාපනික, අන්‍යෝන්‍ය සබඳතාවන් සහ ආධාර ලබා දීම් සිදු කරයි.

Visits: 51