ඩේටා පහසුකම් වැඩි කරන්නැයි TRCය දුරකතන සමාගම් වෙත උපදෙස් දීලා

ඩේටා පහසුකම් වැඩි කරන්නැයි TRCය දුරකතන සමාගම් වෙත  උපදෙස් දීලා

රජය මගින් ප්‍රකාශයට පත් කර ඇති නිවසේ සිට රාජකාරි කටයුතු කිරීමේ කාල සීමාව තුළදී  එම පිරිස් වෙත කිසිදු බාධාවකින් සිය රාජකාරින් හි නියැලීම සඳහා අවශ්‍ය අන්තර්ජාල ඩේටා පැකේජයන් ලබා දෙන ලෙස සියලුම දුරකතන සේවා සමාගම් වෙත උපදෙස් දී ඇතැයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂම පවසයි.

ඒ අනුව සිය සේවාලාභීන් වෙනුවෙන් ලබා දී ඇති අන්තර්ජාල පැකේජයන්හි ඩේටා පහසුකම් විශේෂ අයකිරීම් මත, වැඩි කොට දීර්ඝ කරන්නැයි එම කොමිෂන් සභාව සියලුම දුරකතන සේවා සමාගම් වෙත පවසා තිබේ.

මේ අතර බොහෝ දුරකතන සේවා සපයන්නන් දැනටමත් ද්විත්ව ඩේටා පහසුකම් සමග ඉහළ මට්ටමේ විකල්ප ලබා දී ඇති බවත් කොමිෂන් සභාව සඳහන් කරයි.

මෙහිදී විශේෂ පැකේජ පිළිබඳ වැඩිදුර තොරතුරු විමසීමට අදාළ දුරකතන සේවා සපයන්නන් අමතන ලෙසද ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

COVID-19 වෛරසය තවදුරටත් රට තුළ ව්‍යාප්තවීම වළක්වා ගැනීම වෙනුවෙන් සියලුම රජයේ සහ පෞද්ගලික අංශ සේවකයන් මාර්තු 20 වැනිදා සිට 27 වැනිදා දක්වා කාලය තුළ නිවසේ සිට සිය රාජකාරි සිදු කරන අවස්ථාවක් බවට පත් කළ යුතු යැයි රජය පසුගියදා නිවේදනය කර තිබුණි.

Visits: 93