ඩයලොග් ෆිනෑන්ස් පීඑල්සී සිය මූල්‍ය වර්ෂය වෙනස් කරයි

ඩයලොග් ෆිනෑන්ස් පීඑල්සී සිය මූල්‍ය වර්ෂය වෙනස් කරයි

ඩයලොග් ආසියාටා පීඑල්සී සමාගමට අයත් ඩයලොග් ෆිනෑන්ස් පීඑල්සී සමාගම සිය මූල්‍ය වර්ෂයට අදාළ කාල සීමාව වෙනස් කරන බව නිවේදනයක් මගින් දන්වා සිටියි. ඒ අනුව සිය සමාගමේ ශේෂ පත්‍රයේ දිනය ලෙස මාර්තු 31 වෙනුවට දෙසැම්බර් 31 ලෙස වෙනස් කරන බව ඔවුන් සඳහන් කරයි.

මේ සඳහා වන ඉල්ලීම වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවද අනුමැතිය ලබා දුන් බව ඩයලොග් ෆිනෑන්ස් පීඑල්සී සමාගම කොටස් වෙළෙඳ පොළ වෙත නිල වශයෙන් දන්වා තිබේ.

මීට පෙර ඩයලොග් ෆිනෑන්ස් පීඑල්සී සමාගම සිය ශේෂ පත්‍රය සැකසීමේදී ඊට පෙර වසරේ අප්‍රේල් 01 වැනිදා සිට එම වසරේ මාර්තු 31 වැනිදා දක්වා කාලසීමාව මූල්‍ය වර්ෂය ලෙස භාවිතා කර තිබේ. 

ඩයලොග් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ ශේෂ පත්‍රයේ දිනය සිය හිමිකාර සමාගම වන ඩයලොග් ආසියාටා පීඑල්සී සමාගමේ ශේෂ පත්‍රයේ දිනය හා සමපාත කිරීම වෙනුවෙන් මෙම පියවර ගත් බව එහිදී සමාගම සඳහන් කර සිටියි.

2019 වසරේ මාර්තු 31 වැනිදායින් අවසන් වූ ඩයලොග් ෆිනෑන්ස් සමාගමේ මූල්‍ය වර්ෂය තුළදී එම සමාගම රුපියල් මිලියන 129ක බදු පසු අලාභයක් හිමි කරගෙන ඇතැයි සඳහන්ව තිබේ. එසේම 2017 අප්‍රේල් 1 වැනිදා සිට 2018 මාර්තු 31 වැනිදා දක්වා වූ මූල්‍ය වර්ෂය තුළදීද සමාගම රුපියල් මිලියන 22ක අලාභයක් හිමි කරගෙන ඇත.

පෙර ලිපිය – ඩයලොග් ෆයිනෑන්ස් 2019දීත් අලාභ ලභයි. 

Visits: 98