හොටෙල් ඩිවෙලොපර්ස් (ලංකා) පීඑල්සී කොටස් වෙළෙඳ පොළ Watch List වෙතට

හොටෙල් ඩිවෙලොපර්ස් (ලංකා) පීඑල්සී කොටස් වෙළෙඳ පොළ Watch List වෙතට

කොළඹ හිල්ටන් හෝටලය අයත් රාජ්‍ය ව්‍යවසායක් වන හොටෙල් ඩිවෙලොපර්ස් (ලංකා) පීඑල්සී සමාගම 2020 මාර්තු 06 වැනිදා සිට සිය Watch Listලැයිස්තුවට ඇතුළත් කර ඇතැයි කොළඹ කොටස් වෙළෙඳ පොළ නිවේදනයක් මගින් සඳහන් කරයි.

2019 වසරේ දෙසැම්බර් 31 වැනිදා වනවිට හොටෙල් ඩිවෙලොපර්ස් (ලංකා) පීඑල්සී සමාගම සිය අන්තර්කාල මූල්‍ය වාර්තාව ඉදිරිපත් නොකිරීම මෙලෙස එම සමාගම කොළඹ කොටස් වෙළෙඳ පොළ Watch List ලැයිස්තුවට ඇතුළත් කිරිමට හේතුව වී තිබේ.

කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි ලැයිස්තුගත සමාගමක් ලෙස එහි මූලික රෙගුලාසි සම්පූර්ණ කිරීමට නොහැකි වන සමාගම් මෙලෙස Watch List ලැයිස්තුව වෙත ඇතුළත් කෙරේ.

100%ක් රජය සතු සමාගමක් වන හොටෙල් ඩිවෙලොපර්ස් (ලංකා) පීඑල්සී සමාගමමේ වනවිට කොටස් වෙළෙඳපොළ තුළ ලැයිස්තුගත සමාගමක් ලෙස පවතී.

1983 වසරේ මාර්තු 15 ලංකා ජපාන හෝටලය ලෙස මෙය පිහිටවුණි. 1983 වසරේ සිට එය ලැයිස්ගත සමාගමක් බවට පත්ව තිබේ. 1984 වසරේදී ජාත්‍යන්තර හිල්ටන් හෝටල් සමූහයේ කළමනාකාරීත්වය සහ හෝටලයේ කළමනාකාරීත්වය අතර ඇති කරගත් එකඟතාවක් අනුව එය හොටෙල් ඩිවෙලොපර්ස් (ලංකා) ලිමිටඩ් ලෙස නම වෙනස් කෙරිණි.

පසුව 2008 වසරේදී එම සමාගම හොටෙල් ඩිවෙලොපර්ස් (ලංකා) පීඑල්සී ලෙස යළි ලියාපදිංචි කිරීම සිදුවිය. 2007 වසරේ පැවැති නව සමාගම් සමාගම පනත යටතේ එම ලියාපදිංචිය සිදුව තිබේ.

2011 වසරේ නොවැම්බර් මාසයේදී සමාගමේ සියලුම කොටස් රජය වෙත පවරා ගැනීමක් සිදුවුණු අතර එතැන් පටන් හොටෙල් ඩිවෙලොපර්ස් (ලංකා) පීඑල්සී රජයේ හිමිකාරීත්වය සහිත සමාගමක් බවට පත්විය.

මේ අතර රජයේ ව්‍යවසායන් වන හොටෙල් ඩිවෙලොපර්ස් (ලංකා) පීඑල්සී යටතේ ඇති හිල්ටන් හෝටලය, ග්‍රෑන්ඩ් හයාට් හෝටලය සහ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය යන ව්‍යවසායන් කළමනාකරණය කළ හැකි තනි ආයතනයක් පිහිටුවීම සම්බන්ධයෙන්ද මේ වනවිට රජය යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

පෙර ලිපිය – රජයට අයත් ග්‍රෑන්ඩ් හයාට්, හිල්ටන්, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් සංවර්ධයට නව තනි ආයතනයක්

Visits: 224

Leave a Reply

Your email address will not be published. Required fields are marked *