ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව කාන්තාවන් වෙනුවෙන් කොටස් වෙළෙද පොළ සීනුව නාද කරයි

ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව කාන්තාවන් වෙනුවෙන් කොටස් වෙළෙද පොළ සීනුව නාද කරයි

ලෝක බැංකු සමූහයේ සාමාජිකයෙකු වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC – International Finance Corporation) ඊයේ කොළඹ කොටස් වෙළෙඳ පොළ සමගින් එක්ව එහි ගනුදෙනු ආරම්භ කිරීමේ සීනුව නාද කළ බව පවසයි. මෙය මෙම දෙපාර්ශ්වය එක්ව එම සීනුව නාද කළ පස්වැනි අවස්ථාව ලෙසද සටහන්ව තිබේ.

2020 ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමේ අරමුණු පෙරදැරිව ස්ත්‍රීපුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් මෙම සීනුව නාද කිරීම සිදුව තිබේ. පුරා වසර පහක කාලයක් ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව සහ කොළඹ කොටස් වෙළෙඳ පොළ එක්ව අඛණ්ඩව මෙම කටයුත්ත සිදු කරන බව සඳහන් වෙයි.

මෙලෙස වාර්ෂිකව ලොව පුරා විවිධ කොටස් හුවමාරුවල පැවැත්වෙන මෙවැනි සීනුව නාද කිරීමේ උත්සව තුළින් ගෝලීය ආර්ථිකය සහ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය සඳහා නායකයන්, ව්‍යවසායකයන්, සේවිකාවන් සහ පාරිභෝගිකයන් ලෙස කාන්තා සහභාගීත්වය දිරිමත් කිරීමට සහ ඒ සඳහා පෞද්ගලික අංශය පෙළඹවීමේ ඇති වැදගත්කම මෙහිදී පෙන්නුම් කරනු ලබන බව මෙම දෙපාර්ශ්වය එක්ව නිකුත් කළ නිවේදනයේ සඳහන් වී තිබේ.

“අධ්‍යාපනික සහ සෞඛ්‍ය යන අංශවල කාන්තා සහභාගිත්වයේ වර්ධනයක් දක්නට ලැබුණද ශ්‍රී ලංකා ශ්‍රම බලකායෙහි පිරිමින්තේ 76%ක සහභාගිත්වයට සාපේක්ෂව කාන්තා සහභාගීත්වය 34%ක් පමණි.” එහි සඳහන් වෙයි.

ස්ත්‍රීපුරුෂ සමානාත්මතාවය සඳහා පවත්වන මෙම සීනුව නාද කිරීමේ උත්සවය IFC, Sustainable Stock Exchange (SSE) Initiative, UN Global Compact, UN Women, Women In ETF සහ World Federation of Stock Exchange යන ආයතන සහ වැඩසටහන්වල සහභාගිත්වයෙන් පැවැත්වෙයි. මෙවර ලොව පුරා කොටස් හුවමාරු 90කට අධික ප්‍රමාණයකදී මෙම වැඩසටහන පැවැත්විමට නියමිතය.

Visits: 91

Leave a Reply

Your email address will not be published. Required fields are marked *