ආර්ථික දුෂ්කරතාව සහිත හඳුනාගත් පවුල් 70,000කට ෆොන්ටේරා සමාගමෙන් රු.මිලියන 174 කිරිපිටි

ආර්ථික දුෂ්කරතා ඇති පවුල් 70,000 ක් සඳහා  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ  ප්‍රධානත්වයෙන් පිහිටුවන ලද ‘ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සඳහා වූ ජාතික ඒකාබද්ධ යාන්ත්‍රණයට’ රුපියල්මිලියන 174ක් වටිනා කිරිපිටි ලබාදීමට ෆොන්ටෙරා සමාගම පියවර ගෙන තිබේ.
 
එම කිරිපිටි තොගය  නිල වශයෙන්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට භාරදීම ෆොන්ටේරා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජුඩිත්ස් වොල්ස්  මහත්මිය විසින්ජ නාධිපති කාර්යාලයේදී පසුගියදා සිදු කෙරිණි.
 
රට පුරා සිටින ආර්ථික දුෂ්කරතාවයෙන් පෙළෙන හඳුනාගත් පවුල් 70,000ක් වෙත දිස්ත්‍රික් ලේකම් කාර්යාලහරහා මෙම කිරිපිටි ලබා දීමට නියමිතය.
 
එම අවස්ථාවට එක් වූ ජාතික ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති කමිටුවේ සභාපති සහ ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩමහතා ප්‍රකාශ කළේ, රජයේ ආහාර සුරක්ෂිතතා වැඩසටහනේ දැක්ම වනුයේ සෑම පුරවැසියෙකුටම අවශ්‍ය පෝෂණය ලැබීම සහතික කිරීම බවයි. 

එහි මූලික පියවරෙහි අරමුණු වඩාත් අවදානමට ලක් වූ පවුල්වල පෝෂණ අවශ්‍යතාවයන් සැපිරීමට සහාය දීම බවත් ඒ සඳහා උපකාර කිරීමට ඉදිරිපත් වීම ගැන ෆොන්ටෙරා සමාගමට ස්තූති වන බවත් ඒ මහතා පැවසීය.
 
නිවැරදි දේ කිරීමට කැපවී සිටින වගකිවයුතු ආයතනයක් ලෙස, ෆොන්ටෙරා සමාගම ශ්‍රී ලාංකිකයින්ට උසස් තත්ත්වයේ කිරි පෝෂණය සැපයීමට උපරිමයෙන් කටයුතු කරයි. මෙම සත්කාර්ය, සමාගම පසුගිය වසර 40 තුළ ආරම්භ කර ඇති ප්‍රජා සේවයේ දිගුවකි.
 
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික අරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් මයිකල් ඇපල්ටන් (Michael Appleton), ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ෆොන්ටේරා සමාගමේ ශ්‍රී ලංකා ශාඛාව කළමනාකරණ අධ්‍යක්ෂ විද්‍යා සිවරාජා, ෆොන්ටේරා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි (ජාත්‍යන්තර වෙළඳ) ජුඩිත් ස්වොල්ස්  මහත්මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

Visits: 26