2022 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම ආයතනික පුරවැසියා ලෙස HNB කිරුළු පළඳියි

හැටන් නැෂනල් බැංකුව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය මගින් සංවිධානය කරනු ලබන කීර්තිමත් හොඳම ආයතනික පුරවැසි තිරසර සම්මාන උළෙල 2022 (CCC BCCSA) හිදී මෙරට හොඳම ආයතනික පුරවැසියා ලෙස පසුගියදා සම්මානයට පාත‍්‍ර විය.

ඒ අනුව මෙය බැංකුවෙහි තිරසාරභාවය, යහපාලනය සහ ආයතනික විශිෂ්ටත්වය පිළිබඳ වූ සැබෑ නායකත්වය පිළිබිඹු කර වූ අවස්ථාවක් වූ බව බැංකුව පවසයි.

2022 වසරේ හොඳම ආයතනික පුරවැසි තිරසාර සම්මානයේ සමස්ත ජයග‍්‍රාහකයා ලෙස කිරුළු පැළඳි HNB, BCCSA 2022 හි සිය ආධිපත්‍යය පැතිරවීමට සමත් වීම කැපී පෙනිණි. එහිදී HNB 13 වසරක් සිය අභිමානය රැන්දු හොඳම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට ශ්‍රේණිගත වීම ද ඇතුළුව තවත් සම්මාන හතරක් දිනා ගැනීම සුවිශේෂත්වයකි.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් මහතා පැවසුවේ ”පසුගිය වසර තුන අපට අභියෝගාත්මක කාල පරිච්ෙඡ්දයක්. එහිදී මෙරට ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව සහ අපගේ ජනතාවගේ ආත්මය කෙබඳුදැයි නැවත නැවතත් පරීක්ෂා කර බලනු ලැබුවා. එහෙත්, අපගේ ආයතනික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අප දරන උත්සාහයේදී, අප බෙදහදා ගත් වටිනාකම් සහ විශේෂයෙන් ශ‍්‍රී ලංකා ආර්ථිකයේ බිම් මට්ටමින් තිරසාර වර්ධනයක් ඇති කිරීම සඳහා වූ අපගේ සාමූහික වගකීම කිසි විටෙකත් අත් නොහැරීමට අපි සැමවිටම උත්සාහයක් ගනු ලැබුවා.

”ඉදිරියේදී තවත් අභියෝග රැසක් තිබෙනවා. එහෙත් අප හා සම්බන්ධ වී සිටින ප‍්‍රජාවන්ට, ජීවිතවලට සහ ජීවනෝපායන්වලට අත්වැලක් සපයන අතරම, අඛණ්ඩව මෙහෙයුම් විශිෂ්ටත්වය කරා යන අපගේ කැපවීමෙහි අපි නොසැලී සිටිනවා. හොඳ සහ නරක කාලවලදී ශ‍්‍රී ලංකාවේ ප‍්‍රගතියේ සහකරු ලෙස අපි අපගේ සේවය අඛණ්ඩව ලබා දීමට බලාපොරොත්තු වනවා.” යනුවෙනි.

ශ‍්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය කරා මාරු වීමට සහාය වීම සඳහා බැංකුව ලබා දෙන සමස්ත දායකත්වය, බිම් මට්ටමේ ආර්ථික සංවර්ධනය මෙන්ම HNB තිරසාර පදනම විසින් මෙහෙයවනු ලබන විවිධ පාරිසරික සහ සමාජීය වැඩසටහන් අගයමින් ‘තිරසාර ශුරතා’ සම්මාන යටතේ මූල්‍ය අංශයේ සම්මානය දිනා ගැනීමට HNB හට හැකි විය.

Visits: 38