කප්රුක සමාගම Kapruka Partner Central සේවාව හඳුන්වාදීමට සැරසෙයි

ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වන, ශ්‍රී ලංකාවේ විශාලතම පුරෝගාමී දේශීය විද්‍යුත්-වාණිජ්‍ය සමාගම වන කප්රුක සමාගම සිය මූලික කොටස් නිකුතුවට පෙරාතුව, ‘Kapruka Partner Central’ සේවාව හඳුන්වා දීමේ සැලසුම් පිළිබඳව නිවේදනය කර සිටියි.

Kapruka Partner Central සේවාව යනු මෙරට භෞතිකව ව්‍යාපාර කටයුතු මෙහෙයවන ප්‍රමුඛ පෙලේ ආයතන සඳහා ම සුවිශේෂී විද්‍යුත් වෙළෙඳපොළකි.

එම වෙළෙඳපොළ මගින් ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් සම්බන්ධ කරන අතර, විකුණුම් කරුවන් හට බහු ඇනවුම් ඉටුකිරීමේ විකල්පයන් තෝරාගැනීමට ද කප්රුක වෙබ් අඩවිය තුළින් ඉඩ  ප්‍රස්ථාව හිමිවේ.

ගෝලීය වශයෙන් දැවැන්තයෙකු වන Amazon විසින් ක්‍රියාත්මක කරනු ලබන ඉතා සාර්ථක සහ ජනප්‍රිය ව්‍යාපාරික ආකෘතියක් වන ‘Fulfilment by Amazon’ (FBA) හා සමාන ආකෘතියකින් යුත්’Kapruka Partner Central’ සේවාවමෙරට අනෙකුත් වෙළෙඳපොළවලින් වෙනස් වන්නේ අලෙවිකරුගේ පරිශ්‍රයේ ගබඩා කිරීමේ හැකියාව, භාණ්ඩ තෝරා ගැනීම සහ ඇසුරුම් කිරීමේ හැකියාව, දීප ව්‍යප්තව බෙදාහැරීම, භාණ්ඩ හුවමාරු කිරීමේ හැකියාව සහ විවිධ ප්‍රතිලාභ ලබා දීම ආදී සුවිශේෂී පාරිභෝගික සේවාවන් රැසක් එමගින් ලබාගත හැකි වීමෙනි.

කප්රුක සමාගම ලබා දෙන නවතම සේවාවන් දියත් කිරීම සඳහාත් දැනට පවතින තාක්‍ෂණය සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම ඇතුළු සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහාත් මූලික කොටස් නිකුතුව මගින් අරමුදල් සපයා ගැනීමට එම සමාගමේඅරමුණයි.

‘Kapruka Partner Central’සේවාව 2022 වසරේ දීද දියත් කිරීමට සියලු ම සැලසුම් සකස් කර ඇති අතර, එය කොවිඩ් වසංගත තත්ත්වයෙන් පසුව ශ්‍රී ලංකාව තුළ විද්‍යුත්-වාණිජ්‍ය සේවාවන් වෙත යොමු වන ජනතාව ඊට වැඩි වශයෙන් ආකර්ෂණය කර ගැනීම සඳහා සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කිරීමට අපේක්ෂා කර යි.

‘Kapruka Partner Central’ සේවාව Kapruka Holdings Limited හි පූර්ණ අනුබද්ධිත Kapruka E-commerce (Pvt) Limited ආයතනය මගින් දියත් කෙරෙන අතර, මූලික කොටස් නිකුතුව මගින් රැස්කර ගන්නා අරමුදල්වලින් රුපියල් මිලියන 200 ක් මේ සඳහා ආයෝජනය කිරීමට සැලසුම් කර තිබේ.

‘Kapruka Partner Central’ සේවාවෙහි මෙන් ම කප්රුක සමාගමෙහි  අනාගත අරමුණු පිළිබඳව අදහස් දක්වමින් එම සමාගමේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී දුලිත් හේරත් මහතා ප්‍රකාශ කළේ, විප්ලවීය ‘Kapruka Partner Central’ සේවාව මගින් දේශීය විද්‍යුත්-වාණිජ්‍ය ක්ෂේත්‍රයතුළ පරිවර්තනයක් සිදුකිරීමට  බලාපොරොත්තු වන බවයි.  මෙම සේවාවකප්රුක සමාගමේ දිගුකාලීන ආයෝජන සැලසුමේ ප්‍රධාන කොටසක් බවත්,හවුල්කරුවන්ගේ සහ පාරිභෝගික ජනතාවගේ තෘප්තිමත් භාවය ඉහළ නැංවීම සඳහා ශක්‍තියක් වනු ඇති බවත්, ඒ මහතා තව දුරටත් ප්‍රකාශ කළේ ය.

එමෙන් ම ‘Kapruka Partner Central’ හරහා දේශීය ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීමට මෙන් ම රටේ ආර්ථිකය සුරක්ෂිත කිරීමට දායක වීමේ හැකියාවද ලැබෙන බවඒ මහතා ප්‍රකාශ කළේ ය.

කප්රුක නිර්මාතෘ දුලිත් හේරත්මහතාවිසින්, ඩොලර් 1,000 ට අඩු ප්‍රාග්ධනයක් සමඟින්, 2002 වසරේ දී ආරම්භකරන ලද කප්රුක  ආයතනය වර්තමානය වන විට විශාලතමදේශීය ඊ-වාණිජ්‍ය සමාගම බවට පරිවර්තනය වී ඇත. 

එය අද වන විට කිසිදු බාහිර ආයෝජකයෙකු නොමැතිව, නවතම විද්‍යුත්-වාණිජ්‍ය ආකෘතියක් භාවිත කරමින්දේශීය සහ විදේශගත ශ්‍රී ලාංකික ගනුදෙනුකරුවන්ට විවිධාංගීකරණය වූ සේවාවන් රැසක් සපයන, රුපියල් බිලියන ගණනක වටිනාකමකින් යුත් ආයතනයකි.

Amazon.com වැනි ගෝලීය දැවැන්තයින් සමග කටයුතු කරන කප්රුක සමාගම දේශීය නිෂ්පාදකයින් සහ අලෙවිකරුවන් විශාල සංඛ්‍යාවකටදසිය වෙබ් අඩවිය තුළින් ගෝලීය වෙළෙඳපොළඅවස්ථා විවර කරදීමට සමත් වී ඇත.

කප්රුකසමාගම වර්තමානයේ දී නිෂ්පාදන 135,000 කට අධික ප්‍රමාණයක් අලෙවි කරන අතර, එම සමාගම කීර්තිමත් සන්නාමයන් 500කට අධික සංඛ්‍යාවක් සමඟ හවුල්කාරිත්වයන් ගොඩනගා ගනිමින්, විදේශගත සේවාදායකයින් මිලියන 1.1 කට අධික ප්‍රමාණයකට සේවා සපයයි.

කප්රුක සමාගම සතුව වර්ග අඩි 32,000කට අධික වපසරියකින් යුත්  ගබඩා පහසුකම් සහ වාහන 100කට වැඩි ප්‍රමාණයක්සහිත කාර්‍යක්ෂම බෙදාහැරීම් ජාලයකින් ද පවතී. එමෙන් ම කප්රුක සමාගම සිය සාර්ථක ගමන් මඟ තුළ ගෝලීය සහ දේශීය වශයෙන් ඇගයීම් රාශියකට හිමිකම් ලබා ඇත.

Visits: 464