ස්මාර්ට් දිවියක් උදෙසා Huawei වෙතින් හඳුන්වා දෙන නවතම wearables පෙල

ලොව ප්‍රමුඛ තාක්ෂණික සේවා සැපයුම්කරුවකු වන Huawei විසින් සිය පරිශීලකයින්ගේ දෛනික කාර්යයන් පහසු කරවන ස්මාර්ට් උපාංග රැසක් වෙළඳ පොළට හඳුන්වා දී ඇතැයි පවසයි. මෙම උපාංග තුළ පවතින අද්විතීය විශේෂාංග සහ ඒ තුළින් එදිනෙදා කාර්යයන් සඳහා ලැබෙන කාර්යක්ෂම දායකත්වය හේතුවෙන් මේ සඳහා දැඩි පාරිභෝගික ආකර්ෂණයක් හිමිවී ඇත. 

මෙම වසරේ මුල භාගයේ සිටම Huawei විසින් සිය පාරිභෝගික අවශ්‍යතා හොඳින් හඳුන්වා ගනිමින්, ඒවා සපුරාලිය හැකි අන්දමේ ස්මාර්ට් උපාංග රැසක් වෙළඳ පොලට හඳුන්වා දුන් අතර, ඒ අතර ඔවුන්ගේ wearables (වෙයාරබල්ස්) සඳහා හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. විශේෂයෙන්ම Huawei Watch 3, Huawei Band 6, Huawei Watch GT2 Pro, Huawei Watch Fit සහ Huawei Band 4e යනු වර්තමානයේ දැඩි කතාබහකට ලක්වන ස්මාර්ට් උපාංග මාදිලි කිහිපයක්. විශේෂයෙන්ම නිරෝගී සහ කාර්යක්ෂම දිවි පෙවෙතකට මෙම උපාංග ඉහළ දායකත්වයක් ලබාදීම මේ සඳහා හේතුවක්.  

Huawei Band 6 යනු විශාල තිරයක් සහිතව වෙළදපොළට පැමිණි පළමු fitness band එක වන අතර අඟල් 1.47 ක AMOLED Full Display එකක් සහ  64% ක screen-to-body අනුපාතයක් මෙහි පවතී. එපමණක් නොව, HUAWEI Band 6 හි සති දෙකක බැටරි ආයු කාලයකින් යුතු වීම වඩා විශේෂ තවත් එක් වාසියකි. HUAWEI Band 6 යනු දවස පුරා SpO2 අධීක්ෂණයට (All-Day SpO2 monitoring) සහය දක්වන පළමු Huawei  fitness band එක වේ.

අඟල් 1.43 ක AMOLED ඩිස්ප්ල්යේ එකක් සහිත නවතම Huawei Watch 3, එහි මනරම් නිමාව මෙන්ම විශේෂාංග හේතුවෙන් සුවිශේෂී වනු ඇත.  දින 3ක කාලයක් පුරා පවතින බැට්රි ධාරිතාවය මෙහි විශේෂ වන අතර, touch-sensitive ස්ක්‍රීන් එක සහ පහසුවෙන් ඔරලෝසුව හැසිරිය හැකි side button එක මෙහි අනෙකුත් විශේෂාංග අතර වේ. 

Huawei Watch GT2 Pro සැහැල්ලු සහ අලංකාර මෝස්තරයකින් යුක්ත වේ. එය ටයිටේනියම් රාමුවකින් සමන්විත අතර sapphire watch dial එකකින් සමන්විත වේ. Huawei Watch GT 2 Pro ඒ ඒ අවස්ථාවන්ට ගැළපෙන ලෙස ඔරලෝසු මුහුණත වෙනස් කිරීමේ හැකියාව ලබාදෙමින් ඔරලෝසු මුහුණු 200 කට අධික ප්‍රමාණයක් ඉදිරිපත් කරයි. සෞඛ්‍ය, ක්‍රීඩා, කාලගුණය, සංචලනය සහ ව්‍යායාම් සැලසුම්කරණය වැනි අංග රාශියක් එයට මැනිය හැකිය. Huawei Watch GT2 Pro භාවිතයෙන් ඇමතුම් ලබා ගත හැකි අතර එමගින් ස්මාර්ට් ජංගම දුරකථනය දුරස්ථව සක්‍රිය කර ගැනීමේ හැකියාවද පවතී. Huawei Watch GT2 Pro හි wireless charging පහසුකමද සහිත අතර සම්පූර්ණයෙන්ම charge කළ විට උපාංගය සාමාන්‍ය භාවිතයේ දින 14 ක් පමණ තෙක් පැවතිය හැකිය.

බර ග්‍රෑම් 6 ක් (පටි නොමැතිව) පමණ වන අතිශය සැහැල්ලු ස්මාර්ට් බෑන්ඩ් එකක් ලෙස Huawei Band 4e (Active) සැලකිය හැකි අතර අඟල් 0.5 ක PMOLED තිරයක් සමඟ එන මෙය slide සහ  touch කිරීම මගින් මෙහෙය වීමේ හැකියාව පරිශීලකයාට හිමිවේ.  Huawei Band 4e (Active) හි වඩාත් ආකර්ශනීය අංග අතර, එහි නව්‍ය ද්විත්ව පැළදීමේ මාදිලීන්, වෘත්තීය ධාවන මග පෙන්වීම, පාපැදි ධාවනය  අධීක්ෂණය (Cycling cadence monitoring), Basketball performance tracking, 5ATM water resistance  සහ සති 2 ක බැටරි ආයු කාලය ප්‍රධාන විශේෂාංගයන් කැපී පෙනේ.

මෙම ස්මාර්ට් උපාංග පිළිබඳ වැඩිදුර විස්තර අවශ්‍ය නම් https://consumer.huawei.com/lk/wearables/ හරහා ලබා ගත හැකිය. තවද, සියලුම Huawei Experience Centers , දිවයින පුරා පිහිටි සිංගර් ප්‍රදර්ශනාගාර , Daraz.lk හා Singer.lk වෙතින් මෙම උපාංග මිලදී ගැනීමේ හැකියාව හිමිවේ.  

Visits: 64