ඩයලොග් ආසිආටා සමාගමෙන් කොටසකට රුපියල් 1.34 බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම (DIAL.N0000) සිය කොටස්හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 1.34ක් බැගින් මෙම ලාභාංශ ගෙවීමට යෝජනා වී තිබේ.

මෙය 2023 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන අවසන් ලාභාංශ ගෙවීම බව ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම පවසයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ජූලි 08 වැනිදා නම් කර තිබේ. එසේම ලාභාංශ රහිත දිනය (XD Date) දිනය ලෙස ජූනි 14 වැනිදා ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් මෙම ලාභෘංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් හිමිවිය යුතුව ඇති අතර, ඒ සඳහා වන මීළග වාර්ෂික මහා සභා රැස්වීම ලබන ජූනි 13 වැනිදා පැවැත්වෙන බවත් ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම පවසයි.

Views: 0