සියැට් ‘Shop-In-Shop’ නමින් නව අලෙවිසැල් 3ක් විවෘත කරයි

ශ්‍රී ලංකාව තුළ සියැට් සන්නාමයේ දෘශ්‍යතාව තවදුරටත් ශක්තිමත් කරමින් නව පාරිතෝෂික අලෙවිසැල් 3ක් විවෘත කර ඇති අතර, ඉන් දෙකක් කොළඹ නගරයේ සහ එකක් හංවැල්ල ප්‍රදේශයේ පිහිටා ඇත.

නව ‘සියැට් ෂොප්-ඉන්-ෂොප්’ (SIS) අලෙවිසැල් තුන සැලසුම් කර ඇත්තේ, සන්නාමයේ අග්‍රගන්‍යකරණය සහ ප්‍රමුඛ පෙළේ අලෙවිසැල්වල පාරිභෝගික අත්දැකීම් වැඩිදියුණු කිරීම සඳහාය. මෙම වෙළෙඳසැල් කොළඹ 14, ප්‍රින්ස් ඔෆ් වේල්ස් මාවතේ U & H වීල් සර්විස් සහ පැරමවුන්ට් ටයර් ටේ්‍රඩර්ස් යන ස්ථානවල සහ හංවැල්ල සකුරා ටයර් මධ්‍යස්ථානයේද පිහිටා ඇත.

රටේ වැඩිම අලෙවියක් ඇති ටයර් සන්නාමය වන සියැට් හි Shop-In-Shop සංකල්පය සමාගමේ වසර 03ක බෙදැහැරීමේ ජාල පුළුල් කිරීමේ උපාය මාර්ගයෙහි කොටසකි. බහු-සන්නාම අලෙවි නියෝජිත පරිශ්‍රයන් තුළ සියැට් ටයර් සඳහා වෙන්වූ ප්‍රදේශයක් මායිම් කිරීම එහි අරමුණයි. සියැට් විසින් මෙම පුද්ගලික අවකාශයේ අභ්‍යන්තරය තුළ පාරිභෝගිකයන්ට අසුන් ගෙන සිටිය හැකි ස්ථානය සහ පිළිගැනීමේ ප්‍රදේශ මගින් පාරිභෝගිකයාගේ සුවපහසුව වැඩිදියුණු කරයි. මීට අමතරව සියැට් කැළණි හෝල්ඩිංන්ග්ස් විසින් තම අලෙවි නියෝජිතයින් වෙතින් ලබාගත හැකි ටයර් නිෂ්පාදන අවධාරණය කිරීම සඳහා අභ්‍යන්තර සන්නාම පුවරු, සංඥා සහ නව්‍ය නිෂ්පාදන ප්‍රදර්ශන රාක්ක සඳහාද ආයෝජනය සිදු කරයි. සන්නාමයේ දෘශ්‍යතාවය සහ ස්ථානගත කිරීම වැඩිදියුණු කිරීමට අමතරව, මෙම ආකෘතිය අලෙවි නියෝජිතයින්ගේ ආදායම වැඩි කිරීමටද ඉවහල් වන බව සමාගම ප්‍රකාශ කරයි.

අභියෝගාත්මක කාලවලදී පවා පාරිතෝෂික අලෙවි සංකල්ප සඳහා ආයෝජනය කිරීමට සමාගමේ කැපවීම විස්තර කරමින්, සියැට්-කැළණි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ෂමල් ගුණවර්ධන මහතා මෙසේ පැවසීය. ‘ගමන දුෂ්කර වූ විට සියලුම පාර්ශ්වකරුවන් සඳහා ජයග්‍රහණයන් සෙවීම වඩාත් වැදගත් කාර්යයක් වෙනවා. එහිදී මෙම නව SIS අලෙවිසැල් වටිනාකමක් එකතු කරණු ලබනවා. අපගේ අලෙවිකරුවන් සඳහා විකුණුම් ඉහළ නංවා ඒ සමගම වෙළෙඳ නාමයේ පැවැත්මද ඉහළ නංවා සමාගමට සහ එහි සියලුම පාර්ශ්වකරුවන්ට ප්‍රතිලාභ ලබා දීම අපගේ අරමුණයි. මේ තුළින් අලෙවි මෙහෙයුමේ ගුණාත්මකභාවය සන්නාමයේ වර්ධනය සහ නිෂ්පාදනයේ අඛණ්ඩව වැඩිදියුණු වීමට සමගාමීව සිදුවන බව සහතික වනවා.’

මෙම පාරිතෝෂික අලෙවිසැල් නිර්මාණය කර ඇත්තේ, මගී මෝටර් රථ සහ SUV රථ සඳහා ටයර් ආශ්‍රිත සියලුම සේවාවන් සැපයීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමට බවත්, ඒ සඳහා සියැට්-කැළණි ශ්‍රී ලංකාවේ ඉහළම ප්‍රමිතීන් රේඩියල් ටයර් මාලාවක් නිෂ්පාදනය කර ඇති බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

Views: 0