John Keells Properties හි ‘විමන්’ මහල් නිවාස ව්‍යාපෘතියේ ආදර්ශ ආකෘතිය එළිදකී

John Keells Properties සමාගම විසින් ඉදිකිරීමට නියමිත සිය නවීනතම නිවාස ව්‍යාපෘතිය වන ‘විමන්’ නිවාස සංවර්ධන ව්‍යාපෘතියේ ආදර්ශ මහල් නිවාස සැලසුම් ආකෘතිය මාධ්‍ය වෙත ප්‍රදර්ශනය කිරිම පසුගියදා, කොළඹ 02, වොක්ෂෝල් වීදියේ, අංක 186 හි පිහිටි සිය ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී සිදු විය.

‘නව ලොවක් නිර්මාණය කිරීම’ යන දැක්ම මත පදනම් වෙමින්, ජීවිතයේ අත්දැකීම් නැවත වරක් අරුත් ගැන්වෙන අවකාශයන් නිර්මාණය කිරීම, John Keells Properties හි අරමුණයි. එම දැක්මට අනුකූලව ජා-ඇළ නගර මධ්‍යයේ ජීවන රටාවට, පරිවර්තනීය සුවිශේෂී වෙනසක් එක් කරමින් ඉදිකිරීමට නියමිත ‘විමන්’ නිවාස සංවර්ධන ව්‍යාපෘතියේ සුදානම පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් හඳුන්වාදීමක් එහිදී මාධ්‍ය වෙත ඉදිරිපත් කරන ලදී.

එහිදී මේ පිළිබඳව අදහස් දක්වමින් John Keells Holdings PLC හි දේපල සංවර්ධන අංශයේ උප සභාපති, විකුණුම් සහ අලෙවි ප්‍රධානී නදීම් ශම්ස් මෙසේ පැවසීය. ”මෙය සමබරතාවය, ස්වභාවධර්මය සහ නවීන පහසුව යන මූලධර්ම වලින් අභාෂය ලද ‘විමන්’ නිවාස ව්‍යාපෘතිය, පරිසරය පිළිබඳ අවබෝධය, විවිධ ස්ථාන වෙත ප්‍රවේශ වීමේ හැකියාව සහ ප්‍රජාවේ වර්ධනය යන කරුණු පාදක කර ගනිමින් වඩාත් සැලකිලිමත්ව සැලසුම් කරන ලද නිවාස එකතුවක්.”

ජා-ඇළ නගර මධ්‍යයේ අක්කර 06 ක් පුරා විහිදී ඇති විමන්, මහල් නිවාස 418 ක හා නවීන පහසුකම්වල එකතුවකින් නිර්මාණය වේ. විමන් නිවාස ව්‍යාපෘතිය සැලසුම් කර ඇත්තේ, කොළඹ නගරයට පහසුවෙන් ප්‍රවේශ විය හැකි සුරක්ෂිත වූ, ජීවත්වීමට සුදුසු හිතකාමී වටපිටාවක් හා සරල නාගරිකත්වය රඳවා ගනිමිනි. ජා-ඇළ නගර මධ්‍යයේ පිහිටා ඇති මෙය පදිංචි කරුවන් සඳහා සුපිරි වෙළඳසැල්, බැංකු, පාසැල්, අවන්හල් සහ රෝහල් ඇතුළු විවිධ පහසුකම් රැසකට පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව සලසා දේ.

ඊට අමතරව, කොළඹ වරාය හා ජා-ඇළ අතර අධිවේගී මාර්ගයට පිවිසීමට ඇති පහසුව විමන් සතු සුවිශේෂී ප්‍රතිලාභයකි. උපායමාර්ගික වශයෙන් ඉහළ වටිනා කමක් සහිත මෙම ස්ථානය, පහසුකම් වැඩි දියුණු කරනවා පමණක් නොව, පදිංචිකරුවන්ට සහ ව්‍යාපාර සඳහා ද වේගවත් ගමන් මගක් සහතික කර දෙයි.

හරිත උයනක් මධ්‍යගතව පිහිටි ‘විමන්’ තුළ පිහිනුම් තටාකයක්, ව්‍යායාම් ශාලාවක්, භාවනා ස්ථාන, සමාජ ශාලාවක්, ළමා ක්‍රීඩා පිටියක්, බයිසිකල් පැදීම සහ ඇවිදීම සඳහා ඉඩ පහසුකම්, බහුකාර්ය එළිමහන් ක්‍රීඩාංගනයක් සහ විදුලි වාහන ආරෝපණය කිරීමේ හැකියාව ඇතුළු පහසුකම් රැසකින් සමන්විතය. මෙම නවීන පහසුකම් තුළින් එම පදිංචිකරුවන්ට තම අධ්‍යාත්මීය නිදහස්බව සුරක්ෂා කරමින් සෞන්දර්යාත්මක පරිසරයක් නිර්මාණය කර දෙන අතර, පවුල්වලට සතුටින් හා සාමකාමීව සිටීමට කදිම පසුබිමක් නිර්මාණය කර දෙයි.

විශේෂයෙන්ම ‘විමන්’ ව්‍යාපෘතියෙහි බලශක්ති කාර්යක්ෂමතාවය සහිතව ක්‍රියාත්මකවන සූර්ය බලශක්තියෙන් බල ගැන්වූ නිවාස, හරිත අවකාශයන් සමගින් ප්‍රශස්ත ප්‍රජාවක් බිහිකිරීමේ අරමුණ ඇතිව, නවීන සුව පහසු හා තිරසර ජීවන රටාවක් නිර්මාණය කිරීමේ John Keells Properties සමාගම සතු කැපවීම හා අධිෂ්ඨානය විදහා දක්වයි.

John Keells Properties සමාගම විසින් නිම කරනු ලැබූ හා ඉදිකරමින් පවතින සංවර්ධනයන් අතරට The Emperor, The Monarch, 7th Sense, OnThree20, TRI-ZEN, සහ Cinnamon Life Integrated Resort ඇතුළු සුචිශේෂී කැපී පෙනෙන නිර්මාණ ඇතුළත් වේ. එමෙන්ම නේවාසික සහාධිපත්‍ය සංවර්ධනයෙහි අඛන්ඩව පෙරමුණ ගෙන කටයුතු කරමින් John Keells Properties ශ්‍රී ලංකාවේ නාගරික නේවාසික භූමි ප්‍රදේශ සැලසුම් කිරීමේදී සුවිශේෂී කාර්යභාරයක් ඉටු කර ඇත.

අනාගත ගැනුම්කරුවන්ට කොළඹ පිහිටි ‘විමන්’ මහල් නිවාස ආකෘතිය නැරඹීමට සහ සුපරික්ෂාකාරිව නිර්මාණය කර ඇති අවකාශයන් වෙත ගවේෂණ චාරිකාවක නිරත වීමට අවශ්‍ය වන්නේ නම්, +94 706 062 062 දුරකථන අංකය හරහා ඒ සම්බන්ධයෙන් විමසීම් කළ හැකිය.

Visits: 0