SLIIT හි ICAC 2023 සම්මන්ත්‍රණය සාර්ථකව නිමාවේ

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) පරිගණක පීඨය විසින් අඛණ්ඩව පස් වැනි වරටත් සංවිධානය කරනු ලැබූ පරිගණක ක්ෂේත්‍රයේ ප්‍රගති සම්බන්ධයෙන් පවත්වන ජාත්‍යන්තර සම්මන්ත්‍රණය (International Conference on Advancements in Computing – ICAC 2023) පසුගියදා සාර්ථක අයුරින් නිමාවට පත් විය.

මෙම සම්මන්ත්‍රණයට නව සොයාගැනීම් පිළිබඳ පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කිරීම්, තොරතුරු තාක්ෂණික ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා සම්බන්ධ වැඩමුළු හා ප්‍රධාන දේශන ඇතුළත්ව තිබූ අතර IEEE ශ්‍රී ලංකා ආයතනය සම්මන්ත්‍රණය සඳහා තාක්ෂණික සම අනුග්‍රහය ලබාදෙන ලදී.

ICAC සම්මන්ත්‍රණය, දේශීය හා ජාත්‍යන්තර පර්යේෂකයන්ට සිය සොයාගැනීම්, සහ නව නිපැයුම් ඉදිරිපත් කිරීමටත්, දිරිගැන්වීම සහ දායකත්ව ලබාදීම සඳහා නව අන්තර් සම්බන්ධතා ගොඩනගා ගැනීමටත් අගනා වේදිකාවක් නිර්මාණය කර දේ. මෙම සම්මන්ත්‍රණයට පරිගණක හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට අදාල දේශීය හා ජාත්‍යන්තර පර්යේෂකයන්ගේ සහ එම ක්ෂේත්‍රයේ විශේෂඥයින් විසින් පර්යේෂණ පත්‍රිකා 489කට වැඩි ප්‍රමාණයක් යොමු කර තිබුණි. එම පත්‍රිකා දැඩි අධීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුව උසස් ගුණාත්මක භාවයකින් යුතු පත්‍රිකා 33% පමණක් ප්‍රකාශයට පත් වෘත්තිකයන් කිරීම සඳහා තෝරා ගන්නා ලදී.

සම්මන්ත්‍රණයට ඉදිරිපත් කරන ලද සෑම පර්යේෂණ පත්‍රිකාවක්ම අධීක්ෂණයට ලක් කරනු ලැබුවේ පිළිගත් දේශීය හා විදේශීය විශ්ව විද්‍යාලවල ප්‍රවීණ පර්යේෂකයන් කණ්ඩායමක් විසිනි. ඒ අතරින් තෝරාගන්නා ලද පර්යේෂණ පත්‍රිකා, පර්යේෂණයන්හි නියැලුණු සිසුන්ගේ හා වෘත්තිකයන් සහභාගිත්වයෙන් සම්මන්ත්‍රණයට සමගාමී තාක්ෂණික සැසි මාලා 29ක් ඔස්සේ ඉදිරිපත් කරන ලදී. මෙම සැසි මාලාවන්ට කෘතිම බුද්ධිය (Artificial Intelligence), යාන්ත්‍ර ඉගෙනුම (Machine Language Processing), පරිගණක දැක්ම (Computer Vision), ස්වභාවික භාෂා සැකසීම (Natural Language Processing), සයිබර් ආරක්‍ෂාවලිය (Cyber Security) යනාදී නවීන මාතෘකා 12ක් යටතේ පර්යේෂණ පත්‍රිකා ඇතුලත් විය.

සම්මන්ත්‍රණයේ විශේෂයෙන් අවධානය යොමු වූයේ පරිගණක විද්‍යාව සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ (Computer Science and Information Technology) පර්යේෂණ, දේශීය හා ගෝලීය අවකාශයන් තුළ ආර්ථික තිරසාර මට්ටමට ළඟා වීම ශක්තිමත් කිරීමට දායක විය හැකි ආකාරය පිළිබඳවයි.

Visits: 0