අලි තාරික් යුනිලිවර් ශ්‍රී ලංකා හි නව සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී ලෙස වැඩ අරඹයි

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ නව සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී ලෙස අලි තාරික් මහතා 2024 පෙබරවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි පත්කරඇති බව යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම අද නිවේදනය කරන ලදී.

මෙම නව පත්වීමත් සමඟ ඒ මහතා යුනිලිවර්සමාගමේ දකුණු ආසියානු නායකත්ව කණ්ඩායමට එක්වනු ඇත. මෙයට පෙර අලි මහතා ලන්ඩනයේ යුනිලිවර් මූලස්ථානයේ ගෝලීය පරිවර්තනඅංශයේ ප්‍රධාන මූල්‍ය නිලධාරීවරයාලෙස සේවය කර තිබේ.

2003 වසරේ යුනිලිවර් සමාගමට එක් වූ ඔහුඑතැන් සිට යුරෝපය, දකුණු ආසියාව සහ පෙරදිග රටවල් කිහිපයක ගෝලීය නායකත්ව භූමිකාවන් සාර්ථකව ඉටු කර ඇත. එසේම ඔහු එංගලන්තයේ සහ වේල්ස් හි වරලත් ගණකාධිකාරී ආයතනයේ (ICAEW) සාමාජිකයෙකු  වන අතර ලන්ඩන් PwCසමඟ පුහුණුවක් ද ලබාතිබේ.

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ නව පත්වීම පිළිබඳව අලි තාරික් මහතා මෙසේ සිය අදහස් දක්වන ලදී. ” ශ්‍රී ලංකාවේ අපගේ පාරිභෝගිකයින්ට, සේවකයින්ට මෙන්ම ව්‍යාපාර හවුල්කරුවන්ට සහ ප්‍රජාවන්ට සේවය කිරීමට හා මෙරට සංවර්ධනය කිරීමේ ගමන්මඟට දායකවීමට ලැබීම පිළිබඳව මම නිහතමානීව සතුටට පත්වෙනවා.

මගේ පූර්වගාමීයා වූ හජාර් අලෆිෆි ශක්තිමත් ව්‍යාපාරයක් මා අතට පත්කොට නික්මගොස් තිබෙනවා. ජයග්‍රාහී ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ සවිමත් අරමුණ සහිතව අපගේ සන්නාමයන් ප්‍රයෝජනයට ගනිමින් මෙම නායකත්වය යටතේ මම මේ ගමන්මඟේ ඉදිරියටම යාමට කටයුතු කරනවා.”

එසේම යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ හිටපු සභාපතිනී හා කළමනාකාර අධ්‍යක්ෂිකා හජාර් අලෆිෆි මහත්මිය යුනිලිවර් සමාගමේ අග්නිදිග ආසියාවේ හා ඉන්දුනීසියාවේ පෝෂණ අංශයේ සාමාන්‍යාධිකාරීවරිය වශයෙන් ජකර්තාහි වැඩභාර ගැනීමට නියමිතය.

පසුගිය වසර හතරක අභියෝගාත්මක කාලයක් තුළ සාර්ථකව යුනිලිවර් ශ්‍රී ලංකාසමාගමමෙහෙයවීමට ඇය කටයුතු කළාය. ” මගේ වසර 23ක සේවා කාලය තුළ ලොව පුරා විවිධ රටවල වෙළෙඳපොළවල තත්ත්වයන් යටතේසේවය කරන ලද අතර ඒ අතරින් ශ්‍රී ලංකාව ආර්ථිකය හා ආයෝජකයින් වෙනුවෙන් ධනාත්මක දැක්මක් සහිත රටක් වශයෙන් මම හඳුන්වන්න කැමැතියි. ඒ වගේම මගේ සේවා කාලය පුරාවට මට සත්කාරකත්වය ලබාදීම ගැන ශ්‍රී ලංකාවට මගේ හෘදයාංගම ස්තුතියි පුදකර සිටිනවා. මා වෙත ලබාදුන් ධනාත්මක හා අසමසම ආගන්තුක සත්කාරය සැබැවින්ම සුවිශේෂියි. ඒ වගේම ශ්‍රී ලාංකීක ජනතාවගේ මානුෂීයත්වය මම බෙහෙවින් අගය කරනු ලබනවා. මම මෙහි ගතකළ කාලය තුළ ගොඩනැගුණු අත්දැකීම් හා අර්ථවත් සම්බන්ධතා මගේ වෘත්තිය ජිවිතයේ මෙන්ම පෞද්ගලික ජිවිතයේ නොමැකන මතක සටහනක් වනු ඇත.”

Visits: 0