Litro ගෑස් ‘හෙට සුරකින අපේ ළමයි’ දැනුවත් කිරීමේ වැඩසටහන සාර්ථකව අවසන් කරයි

මෙරට ප්‍රමුඛතම LP ගෑස් සැපයුම්කරු වන ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම ‘හෙට සුරකින අපේ ළමයි‘ නමින් පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනේ සමාප්තිය පසුගියදා සනිටුහන් කරන ලදී. පාසල් ළමුන් අතර ගෘහස්ථ LP ගෑස් ආරක්ෂිත භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා නිර්මාණය කරන ලද මෙම පුළුල් වැඩසටහන දිවයින පුරා පාසල් 268 ක සිසු සහභාගිත්වයෙන් සිදුකරන ලදී.

‘හෙට සුරකින අපේ ළමයි ‘ වැඩසටහනෙහි මූලික අරමුණ වූයේ සිසුන් අතර ආරක්ෂිත LP ගෑස් භාවිතය පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් දැනුවත් කිරීමයි. අවසන් මහා තරඟය ගරු අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, සාගල රත්නායක මහත්වරුන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්, ලිට්‍රෝ ආයතනයේ සභාපතිතුමා , කළමනාකාරිත්වය සහ කාර්ය මණ්ඩලය, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, සිසුන් සහ දෙමාපියන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වූ ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා, “මෙම වැඩසටහන සාර්ථකව නිම කිරීමට හැකිවීම පිළිබඳව අපි ඉතා සතුටු වෙනවා. මෙය හුදෙක් වෙළෙඳ නාම ගොඩ නැංවීමේ ක්‍රියා මාර්ගයක් නොවේ. එය LP ගෑස් ආරක්ෂිතව භාවිතය පිළිබඳව වඩාත් පුළුල් ලෙස දැනුවත් කිරීම මඟින් දේශීය ජනතාව සවිබල ගැන්වීම සඳහා වූ කටයුත්තකි. මෙම මුලපිරීම සඳහා උනන්දුවෙන් සහභාගී වූ සැමට අපි ස්තූතිවන්ත වෙමු” යනුවෙන් පැවසීය.

තවද, තම විශේෂඥ දැනුම සහ අත්දැකීම් ගැන විශ්වාසය තබමින් රටේ ව්‍යාකූල අවස්ථාවක ලිට්‍රෝ සමාගම තමන් වෙත භාර දෙමින් එය පැවති පාඩු තත්ත්වයෙන් දියුණුව කරා හැරවීමට හැකිවීම ගැන ඔහු ගරු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිලිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතා වෙත ස්තුතිය පුද කළේය. එමෙන්ම දිනපතා LP ගෑස් භාවිතා කරන නිවාසවලින් 85% ක වෙළඳපොල කොටසක් වන මිලියන 4කට අධික නිවාස ප්‍රමාණයක් ආවරණය කල බවත් සහ සෑම තත්පරයකම නිවාස 70කම ගෑස් උදුනක් දැල්වෙන බවත් ඔහු පැවසීය. ආරක්ෂිත සහ අඛණ්ඩ සැපයුම හරහා මෙම පාරිභෝගිකයන්ගේ ජීවිත සවිබල ගැන්වීමට අපි කැපවී සිටිමු යනුවෙන් තවදුරටත් පැවසීය.

LP ගෑස් සහ එහි වාසි පිළිබඳව සිසුන් දැනුවත් කිරීමෙන් ඔබ්බට, මෙම වැඩසටහන පාසල් සිසුන් ඔවුන්ගේ පවුලේ යහපැවැත්ම පිළිබඳ වගකීම පිළිබඳ හැඟීමකින් සහ ආරක්ෂාව, බලශක්තිය සහ බලශක්ති භාවිතාවන් පිළිබඳ මූලික අවබෝධයකින් සවිබල ගැන්වීමට උත්සාහ කළේය. මෙම මූලික දැනුම ලබා දීමෙන් ලිට්‍රෝ ගෑස් ලංකා දැනුවත් සහ සුරක්ෂිත පවුල් ඒකක නිර්මාණය කිරීම අරමුණු කරයි.

Visits: 0