උපාධි අපේක්ෂකයින්ට වෘත්තීය අවස්ථා සඳහා මග විවර කර දුන් BCI සරසවියේ Career Day 2023

BCI සරසවිය, BNI Pearl Chapter සමග එක්ව පළමු වරට පවත්වනු ලැබූ BCI වෘත්තීය දිනය 2023 (Career Day) BCI පරිශ්‍රයේ Christ King ගොඩනැගිල්ලේදී පසුගියදා සාර්ථකව පවත්වනු ලැබීය.

විවිධ පුද්ගලයන් සමග සේවා යෝජකයන් ඒකාබද්ධ කරමින්, උපාධි අපේක්ෂකයින්ට විවිධ රැකියා අවස්ථා සහ සීමාවාසික පුහුණු අවස්ථා පිළිබඳව පළමු වරට අපේක්ෂාවන් ඇති කර වීමට මෙම දිනය විශාල අත්වැලක් සැපයීය.

පැමිණ සිටි පිරිස් හට උණුසුම් පිළිගැනීමක්, අන්තර් සබඳතා සම්මුඛ සාකච්ඡා සැසි, සවිස්තරාත්මක සරසවි ක්ෂේත්‍ර චාරිකාවක් සහ සමූහ දිවා භෝජන සංග්‍රහයක් මෙම උත්සවයේ න්‍යාය පත්‍රයට ඇතුළත් විය.

ප්‍රමුඛ පෙළේ සේවා යෝජකයින් 30 කට වැඩි පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වූ අතර ආයතන සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරාලනු ලැබූ දක්ෂ කුසලතාවයන් සහිත විවිධ, ආකර්ෂණීය රැකියා සහ සීමාවාසික භූමිකාවන් සහ වෘත්තීය මාර්ග අපේක්ෂාවන් සහිත උපාධි අපේක්ෂකයින් ඔවුන් සමග සම්බන්ධ විය.

එහිදී සිසුන් කිහිපදෙනෙකු එම ස්ථානයේදීම පුහුණු රැකියා සඳහා බඳවා ගැනුණු අතර ඒ තුළින් කර්මාන්ත තුළ සීමාවාසික අවස්ථාවන් හිමිවීම ද විශේෂත්වයක් විය. එකින් එක සම්මුඛ සාකච්ඡා හරහා සිසුන්ට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමග පුද්ගලානු බද්ධව සහ අර්ථවත් සබඳතා ඇතිකර ගැනීමට, බලගැන්වීම්, ජාල ගත වූ සහ අනාගත රැකියා ලබා ගැනීමට මෙම අවස්ථාව මගින් ඔවුන්ට හැකි විය.

ආරාධිත සේවා යෝජකයින්ට ආයතනයේ ආචාර ධර්ම හා ස්වභාවය පිළිබඳව අවබෝධ කර ගැනීමට අවස්ථාවක් සලසා දෙමින් ඔවුන්ව සරසවිය තුළ ක්ෂේත්‍ර චාරිකාවකට එක් කරනු ලැබීය.

මෙම වෘත්තීය දිනය පිළිබඳව අදහස් දක්වමින් BCI සරසවියේ උපකුලපති ආචාර්ය කැමිලස් ප්‍රනාන්දු පියතුමා මෙසේ පැවසූහ. ”BCI සරසවි දිනය හෙට දවසේ නායකයින් පෝෂණය කරමින් අපගේ උපාධිධාරී සිසුන්ගේ ජීවිතවලට තීව්‍ර බලපෑමක් ඇති කිරීමට පුළුවන් අගනා වේදිකාවක් වූවා. අපගේ සිසුන්ට ඔවුන්ගේ ඉහළම දක්ෂතාවයන් වෙත ළඟා වීමට හා ඔවුන්ව බලගැන්වීම සඳහා විශාල සහයක් සහ කැපවීමක් ලබා දුන් BNI Pearl Chapter සංවිධානය වෙත අපගේ ස්තූතිය පුද කරනවා. සිසුන්ගේ හා ප්‍රජාවගේ ජීවිත වෙනසකට ලක් කිරීමට විශේෂක්ඥ දැනුම ලබා දීමට BCI සරසවිය සමග සහයෝගයෙන් කටයුතු කරන ලෙස අපි තවත් සේවා යෝජකයින්ට, ව්‍යවසායකයින්ට සහ වැඩකරන වෘත්තිකයන්ට ආරාධනා කර සිටිනවා.”

සාධනීය ශිෂ්‍ය ප්‍රජාවකගේ සහ සේවා යෝජක සහභාගීත්වය, ඉල්ලුමට සරිලන නිපුණතා සහිත සේවා කාර්යයන් ඉටු කිරීමට සූදානම් උපාධිධාරීන් බිහි කිරීම වෙනුවෙන් ආයෝජනය කරන ලද පුරෝගාමී උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස BCI සරසවිය සිය කාර්යභාරය මැනවින් විදහා දක්වයි.

Visits: 0