සියපත ෆිනෑන්ස් 47 වැනි ශාඛාව බදුල්ල නගරයේ දැන් විවෘතයි

මෙරට ප්‍රමුඛ පෙළ මූල්‍ය සමාගමක් සහ සම්පත් බැංකු සමූහයට අයත් විශාලතම සාමාජික සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑල්සී නවතම ශාඛාව බදුල්ල පහළ වීදියේ අංක 65 දරණ ස්ථානයේ විවෘත විය.

ඌව පළාතේ සිය මූල්‍ය සේවා ව්‍යාප්ත කිරීමේ මූලික පියවරක් ලෙස සියපත ෆිනෑන්ස් දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 47 වැනි ශාඛාව ලෙස මෙම බදුල්ල ශාඛාව සියපත ෆිනෑන්ස් පීඑල්සී කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න, බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්ලිව් කන්දෙවත්ත,‍ බදුල්ල පොලිස් අධිකාරි බුද්ධික ගුණසේකර සහ බදුල්ල ප්‍රාදේශීය ලේකම් තුෂාරි නානායක්කාර යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ.

විශේෂයෙන්ම බදුල්ල කේන්ද්‍ර කරගනිමින් කටයුතු කරන කෘෂිකර්මාන්තය හා සංචාරක ව්‍යාපාරයේ යෙදෙන ව්‍යවසායකයන් හා වෙනත් ව්‍යාපාරයන්හි නියැලි තනි පුද්ගල, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙත කඩිනම් හානම්‍යශීලී මූල්‍ය සේවා සැපයීම සියපත ෆිනෑන්ස් පීඑල්සී නවතම බදුල්ල ශාඛාවේ ප්‍රධාන අරමුණ වේ. සියපත ෆිනෑන්ස් ප්‍රධාන කාර්යාලයෙන් ගනුදෙනුකාරභවතුන් වෙත ලබාදෙන ලීසිං, කුලී සින්නක්කර සේවා, ෆැක්ටරින්, ව්‍යාපාර හා පුද්ගලික ණය, නිවාස ණය, රන් ණය, චක්‍රීය ණය, ස්ථාවර තැන්පතු, බිල්පත් ගෙවීමේ පහසුකම ඇතුළු සියළුම මූල්‍ය සේවාවන් බදුල්ල ශාඛාවේ පළපුරුදු වෘත්තීයවේදී කාර්යමණ්ඩලය වෙතින් ලබාගත හැකිය.

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ආරම්භ කිරීමෙහිලා බදුල්ල නගරය තෝරාගැනීම පිළිබඳව සියපත ෆිනෑන්ස් පීඑල්සීහි කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න මහතා සිය අදහස් දක්වමින් “අපේ රටේ විවිධ සමාජ ඒකකවල විවිධ මූල්‍ය අවශ්‍යතා සම්පූර්ණ කරමින් ශ්‍රී ලාංකිකයන් ආර්ථිකමය සාර්ථකත්වය කරා රැගෙන යාමේ අභිලාශය ඇතිව ආරම්භ කෙරෙන දීප ව්‍යාප්ත ශාඛා ජාලයට අලුතෙන්ම එකතු වූයේ බදුල්ල ශාඛාවයි. අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට සුවිශේෂී දායකත්වයක් ලබාදෙන බදුල්ල නගරය ආශ්‍රිත ව්‍යවසායක ප්‍රජාවගේ මූල්‍ය අවශ්‍යතා සඳහා කඩිනම් නම්‍යශීලී මූල්‍ය සේවා රැසක් හඳුන්වාදීම තමයි අපගේ මෙම ශාඛාවේ ප්‍රධාන අරමුණ. බදුල්ල අවට සිටින සෑම තරාතිරමකම පාරිභෝගික ජනතාවගේ අත්‍යවශ්‍ය මූල්‍ය අවශ්‍යතා කඩිනමින් ඉටුකර දෙන්නට අවශ්‍ය සියළු පහසුකම් මෙම ශාඛාවට අප ඇතුලත් කොට තිබෙනවා.” යැයි පැවසීය.

Visits: 27