AkzoNobel වසරේ වර්ණය ලෙස Sweet Embrace™ හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාව තුළ Dulux තීන්ත නිෂ්පාදනය කරන AkzoNobel Paints සමාගම, 2024 ‘වසරේ වර්ණය’ ලෙස Sweet Embrace™ නමින් සුවිශේෂී වර්ණ එකතුවක් හඳුන්වා දී තිබේ.

මෘදු පිහාටු සහ සැන්දෑ වළාකුළුවලින් ආභාසය ලැබූ ‘පැස්ටල් පින්ක්’ වර්ණයක් වන මෙය, ලොව බොහෝ දෙනෙකු ප්‍රියකරන ආකාරයේ සැහැල්ලු හා සුහදශීලී අවකාශයන් නිර්මාණය කිරීමට ඉවහල් වනු ඇත.

ලෝකය වේගයෙන් වෙනස් වෙමින් පවතින මෙවන් යුගයක, ලොව පවතින සමාජයීය, නිර්මාණකරණ හා පාරිභෝගික ප්‍රවණතා සම්බන්ධයෙන් සිදුකරන ලද පුළුල් පර්යේෂණයකින් අනතුරුව මෙම වර්ණ හඳුන්වා දෙන ලදි.

වර්තමාන ලෝකයේ මිනිසුන් ‘තමන්ගේම කියා හැඟෙන’ ස්ථානයක සිටීමට වැඩි කැමැත්තක් දක්වන බව මෙම පර්යේෂණ මගින් පෙනී ගොස් තිබේ. නිවාස සම්බන්ධයෙන් ගත් විට, මිනිසුන් සෑම විටම උත්සාහ කරන්නේ ඔවුන්ගේ පෞද්ගලික මතකයන්ට සහ සබැඳියාවන්ට තෝතැන්නක් වන ‘හදවතට සමීප’ ස්ථානයක් බවට එය පත්කර ගැනීමට ය.

Sweet Embrace™ වර්ණය සහ ඊට සම්බන්ධ අනෙකුත් වර්ණ, එම අරමුණ ඉටුකරගැනීමට මහෝපකාරී වනු ඇතැයි AkzoNobel හි තීන්ත හා ආලේපන විශේෂඥයෝ සහ ජාත්‍යන්තර නිර්මාණකරණ විශේෂඥයෝ විශ්වාස කරති. ඒ අනුව මෙය 2024 වර්ෂයේදී මිනිසුන්ගේ ජීවිත වඩාත් ප්‍රසන්න කිරීමට දායක වනු නිසැක ය.

AkzoNobel සමාගමේ Global Aesthetic Center හි නිර්මාණකරණ අධ්‍යක්ෂිකා හෙලීන් වැන් ජෙන්ට් මහත්මිය පැවසුවේ මෙම වර්ණයන් අප ජීවත්වන අවකාශයන් අපගේ රුචිකත්වයන්ට සහ අප ජීවත් වන කාලයන්ට ගැළපෙන පරිදි හැඩගස්වා ගැනීමටත්, එම අවකාශයන් තුළට ස්ථාවරත්වය සහ සතුට මුසු කිරීමටත් දායක වනු ඇති බවයි.

2024 ColourFutures™ වර්ණ ප්‍රවණතා වාර්තාවට අනුව, Sweet Embrace™ වර්ණය පදනම් කරගෙන Warm, Calm සහ Uplifting යනුවෙන් අමතර වර්ණ රටාවන් තුනක් නිර්මාණය කර ඇති අතර, එමගින් පාරිභෝගිකයන්ට තම රුචිකත්වයන්ට සහ තමන් වර්ණ ගන්වන ස්ථානයන්ට අනුව වඩාත් ගැළපෙන වර්ණයන් තෝරාගත හැකි වේ.

Warm වර්ණය කෙනෙකුට තම නිවස හෙවත් තමන්ට සුවපහසු හා සුරක්ෂිත අවකාශයක් සිහිගන්වන අතරම, පරිසරයේ අංගයන් වන ගල්, පස් සහ මැටි ආදියෙහි වර්ණ මාත්‍රයන් එහි අඩංගු වේ. Calm වර්ණය වනාන්තරයේ සහ සාගරයේ හරිත හා නීල වර්ණ සේයාවන් සමගින් ස්වභාව ධර්මය පිළිබඳ සිතුවිලි සහ ජීවිතයේ සාරය පිළිබඳ සංකල්පනා අවදි කරවයි. Uplifting වර්ණ රටාවන් සිහිනමය ලයිලැක් සහ නවීන කහ වර්ණයන් සමගින් මුවගට සතුටු සිනහවන් රැගෙන ඒමට සමත් ය.

“Sweet Embrace තරමට උණුසුම්, සිත සැහැල්ලු කරන වැළඳ ගැනීමක හැඟීමක් ගෙනෙන වර්ණයක් තවත් නැති තරම්. 2024 වසරේ වර්ණය වන Sweet Embrace හුදෙක් සුව පහසුව හා සන්සුන් බව ගෙනෙන වර්ණයක් පමණක් නොවෙයි. එය අපගේ පාරිභෝගිකයන්ට වෙළඳපොළ-සුවිශේෂී විසඳුම් ගෙනෙන අතරම, අපගේ ව්‍යාපාරයන් තුළ දීර්ඝකාලීන නිර්මාණ හවුල්කාරීත්වයන් ඇතිකර ගැනීමටත් අප දිරිගන්වනවා.” AkzoNobel Paints Lanka (පුද්.) සමාගමේ වාණිජ ප්‍රධානී අමිල ඉන්දික මහතා පැවසී ය.

2024 වසරේ ඩියුලක්ස් වර්ණය පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා https://www.dulux.lk වෙත පිවිසෙන්න. සමාජ මාධ්‍ය තුළ #CF24 #YourSpecialSomewhere #Duluxlk #AkzoNobel #ColourFutures හෑෂ්ටැග් සර්ච් කිරීම මගින්ද වැඩිදුර තොරතුරු ලබාගත හැකි වේ.

Visits: 28