පින්තැන්න ප්ලාන්ටේශන්ස් ඉතිහාසයේ ප්‍රථම අගාවුඩ් කෞතුකාගාරය විවෘත කරයි

ශ්‍රී ලාංකීය අගාවුඩ් වැවිලි ක්ෂේත්‍රයේ පුරෝගාමියා වන පින්තැන්න සමූහ ව්‍යාපාරය තවත් ශක්තිමත් පියවරක් ඉදිරියට තබමින් පින්තැන්න වතුයායේ අභිනවයෙන් ඉදිකෙරුණු නවීන තාක්ෂණයෙන් සමන්විත බහුකාර්‍ය ගොඩනැගිල්ල විවෘත කිරීම, පින්තැන්න නිල මුල් දින කවරය ජනගත සහ  තම වටිනා ආයෝජකයන් හට සිය දෙවෙනි අගාවුඩ් ආයෝජන ප්‍රතිලාභ ලබා දිම පසුගියදා සිදු කර තිබේ.

දේශබන්දු කුමාර් ධර්මසේන මහතාගේ සංකල්පයකින් ආරම්භ වූ පින්තැන්න ප්ලාන්ටේශන්ස් ආයතනය මඟින් සංවිධානය කරනු ලැබූ නවීන තාක්ෂණයෙන් සමන්විත උසස් ගුණාත්මක බවින් හෙබි ඓතිහාසික වල්ලපට්ටා සංචිතයකින් යුත් පින්තැන්න කෞතුකාගාරය හා නවීන තාක්ෂණයෙන් පරිපූර්ණ ඉතිහාසයේ ප්‍රථම වතාවට ඉදි වූ පින්තැන්න සිනමාශාලාව සහිත නව සිව්මහල් බහුකාර්‍ය ගොඩනැගිල්ල විවෘත කිරීම මෙහිදී සිදුවිය.

එසේම සමාගමේ වටිනා ආයෝජක මහත්ම මහත්මීන් වෙනුවෙන් මෙම වර්ෂයේ දෙවන වරටත් සිදු කරනු ලැබූ ‘හුස්ම ප්‍රදාන’ ප්‍රතිලාභ ප්‍රදානෝත්සවය යන සියලු සුවිශේෂී අවස්ථා එක්ව කෙරෙන වර්ෂාවසාන සමුළුව රත්නපුර අයගම අපගේ ප්‍රධාන වතුයායෙහිදී අතිඋත්කර්ශවත් අන්දමින් පැවැත්විය.

මීට අමතරව පින්තැන්න නිල මුල් දින කවරය ජනගත කිරීමද මෙම අවස්ථාවේදී සිදුවිය. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුවේ තැපැල්පති ගරු.එස්.ආර්.ඩබ්ලිව්.එම්.ආර්.පී සත්කුමාර මහතා ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන් රාශියක් සහභාගි විය. 

ශ්‍රී ලංකාවට ආවේණික ඒකදේශික ශාකයකින් ලබා ගන්නා උපරිම ඵල නෙලා ගන්නා පින්තැන්න ආයතනය කුමාර ධර්මසේන මහතාගේ ප්‍රධානත්වයෙන් 2009 වසරේදී අගාවුඩ් ශාක රෝපණය ආරම්භ කළ අතර, 2020 ඔක්තෝම්බර් මස පළමු වැනි දිනයේ දී පින්තැන්න ප්ලාන්ටේශන් ආයතනය නිල වශයෙන්, සමාජිකයින් 21 දෙනෙකුගෙන් ආරම්භ කරනු ලැබුවේය.

මේ වන විට ලක්ෂ 2කට වඩා වැඩි ශාක සංචිතයකින් හෙබි පින්තැන්න ප්ලාන්ටේශන් ආයතනය ආරම්භ කරන ලද්දේ අක්කර 200ක භූමි භාගයකිනි. දිනෙන් දින සාර්ථකත්වය කරා යන ගමන් මගෙහි අද වන විට පින්තැන්න ප්ලාන්ටේශන්ස් ආයතනය අක්කර 1500 වඩා වැඩි භූමි ප්‍රමාණයක් දක්වා විහිදී තිබේ.

ලෝකයේ මිලෙන් අධික ශාකයක් ලෙස හඳුනා ගන්නා අගාවුඩ් ශාකය සතුව ඇති අසීමාන්තික මෙන් ම දුර්ලභ සුවඳ, මෙම ශාකයට ඇති ජාත්‍යන්තර වෙළඳ වටිනාකම  2020 වන විට ඩොලර් මිලියන 136.5ක අගයක් ගෙන තිබූ අතර 2026 වර්ෂයේ වටිනාකම ඩොලර් මිලියන 166.5ක් පමණ වනු ඇතැයි විශේෂඥයින් අපේක්ෂා කර ඇත.

Visits: 63