John Keells Properties ජා-ඇල ‘විමන්’ ව්‍යාපෘතිය සඳහා HNB හා එක්ව සුවිශේෂී ණය පැකේජයක් පිරිනමයි

John Keells Properties සමාගම ජා-ඇල ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත ‘විමන්’ නිවාස සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් ආයෝජකයින් වෙත ආකර්ෂණීය වූ ණය සැලසුම් යෝජනා ක්‍රම ලබා දීම සඳහා HNB බැංකුව සමගින් උපායමාර්ගික සහයෝගීතාවයකට අවතීර්ණ විය.

මෙම සහයෝගීතාවය යටතේ, පාරිභෝගිකබවතුන් හට HNB බැංකුව විසින් සපයනු ලබන මූල්‍ය සැලසුම් අවස්ථාවන් හරහා ප්‍රතිලාභ හිමිවන අතර ඒ තුළින් ඔවුන්ට ‘විමන්’ හි නිවසක් හිමිකර ගැනීමේ සිහිනය සැබෑ කර ගැනීමට හැකි වේ.

පොලී අනුපාත අඩු කිරීම සහ ස්ථාවර ආදායම් විකල්පයන් සමඟ, දේපල ආයෝජනයන් සඳහා ලබා දී ඇති අවස්ථා මගින් සිහින නිවහනක ජීවත් වීමට බලාපොරොත්තුවක් ඇති පිරිස් හට සහ ඔවුන්ගේ ආයෝජන විවිධාංගීකරණය කිරීමට අපේක්ෂා කරන පිරිස් වෙත මෙය ආකර්ශනීය තේරීමක් වනු ඇත.

මේ හරහා ආයෝජකයිගේ මූල්‍යමය පීඩනය අවම කරමින් ඔවුන්ගේ සිහින නිවාස හිමිකම සැබෑ කර ගැනීමට සහ පවුල් සවිබල ගැන්වෙන බව John Keells Properties සමාගමේ විශ්වාසය වේ. John Keells Properties සමාගමෙ හි අරමුණ වන්නේ ගනුදෙනුකරුවන්ට සහනයක් සහ මූල්‍ය නම්‍යශීලී බවක් ලබා දෙමින්, ඔවුන්ට රිසි සේ ඔවුන්ගේ නව නිවාසවල පදිංචි වීමට ඉඩ සලසා දීමයි.

HNB බැංකුව විසින් ලබා දෙනු ලබන ණය යෝජනා පැකේජ විවිධ මූල්‍ය අවශ්‍යතාවයන් සපුරාලීමට සහ ගැනුම්කරුවන්ට ඔවුන්ගේ සාමාන්‍ය ජීවන රටාවට බලපෑමක් ඇති නොවන අයුරින් ඔවුන්ගේ අනාගත ආයෝජනය සවිබල ගැන්වීම සඳහා නිර්මාණය කර ඇත. මෙම ප්‍රවේශය, දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය නව දැක්මක් වෙත යොමු කරමින් සහ ඔවුන්ගේ වටිනා ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සහ අභිලාෂයන්ට ප්‍රමුඛත්වය ලබා දීමට හැකිවීම John Keells Properties සමාගමෙහි කැපවීම පිළිබඳ පිළිබිඹු කෙරෙන සාක්ෂියකි.

අක්කර 6ක් පුරා පැතිරී ඇති මෙම ව්‍යාපෘතිය මහල් නිවාස 418 කින් සමන්විත වේ. මෙම නිවාස ව්‍යාපෘතිය නවීන පහසුකම්වල සුසංයෝගී සම්මිශ්‍රණයක් ලබා දෙන අතර එය සැලසුම් කර ඇත්තේ, කොළඹ නගරයට පහසුවෙන් ප්‍රවේශ වීමට හා සුරක්ෂිතව පවුල්වලට සතුටින් හා සාමකාමීව සිටීමට කදිම පසුබිමක් නිර්මාණය කර දෙමින්, කුඩා නාගරික පසුබිමක චමත්කාරයක් එක් කරමිනි.

ජා-ඇළ නගර මධ්‍යයේ පිහිටා ඇති මෙහි පදිංචි කරුවන් සඳහා සුපිරි වෙළඳසැල්, බැංකු, අවන්හල් සහ රෝහල් ඇතුළු විවිධ පහසුකම් රැසකට පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව ඇත. තවද, කොළඹ වරාය අධිවේගී මාර්ගයට පිවිසීමට ඇති පහසුව විමන් සතු සුවිශේෂී වාසියකි. විමන් තුළ පිහිනුම් තටාකයක්, ව්‍යායාම් ශාලාවක්, භාවනා ස්ථාන, සමාජ ශාලාවක්, ළමා ක්‍රීඩා පිටියක්, බයිසිකල් පැදීම සහ ඇවිදීම සඳහා ඉඩ පහසුකම්, බහුකාර්ය එළිමහන් ක්‍රීඩාංගනයක් සහ විදුලි වාහන ආරෝපණය කිරීමේ හැකියාව ඇතුළු පහසුකම් රැසකින් යුක්තය.

Visits: 62