TESS AGRO PLC ටින් කෑන් නිෂ්පාදන කර්මාන්තශාලාවක් අරඹයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මෙරට ප්‍රමුඛතම ටින් මාලු නිෂ්පාදන සමාගමක් වන TESS AGRO PLC සමාගම (TESS.X0000) ටින් කෑන් නිෂ්පාදන ව්‍යාපෘතියක් ආරම්භ කර ඇතැයි පවසයි.

Agro Tin Tech ලෙස මෙම ව්‍යාපෘතිය නම් කර ඇති අතර, එම සමාගමේ කැලනිය නව නුගේ පාරේ පිහිටි කර්මාන්තශාලා පරිශ්‍රයේ මෙම නව ටින් කෑන් නිෂ්පාදන කර්මාන්තශාලාවත් ස්ථාපිත කර තිබේ.

පසුගිය නොවැම්බර් 13 වැනිදා එහි මෙහෙයුම් කටයුතු ආරම්භ කර ඇති අතර, එමගින් දිනකට කෑන් 80,000ක ප්‍රමාණයක් නිපදවීමේ ධාරිතාවක්  පවතින බවත් TESS AGRO PLC සමාගම පවසයි.

මෙම ව්‍යාපෘතිය සඳහා වන යන්ත්‍ර සහ උපකරණ සඳහා එම සමාගම සිදු කර මූලික ආයෝජනය රුපියල් මිලියන 79.2ක් බවත් පවසයි.

විශේෂයෙන්ම මෙම කර්මාන්තශාලාව දේශීය මෙන්ම අපනයන වෙළෙඳ පොළ තුළත් ඉහළයන ඉල්ලුම සැපිරීම වෙනුවෙන් ඉදිරිපත් කෙරෙනු ඇති බවත් සාමගම සඳහන් කරයි.

“ටින් කෑන් යනු වර්තමානයේදී මත්ස්‍ය, බීම වර්ග, සුප්, කුළුබඩු, රූපලාවන්‍ය, ඖෂධ සහ වෙනත් නිෂ්පාදන ඇසුරුම් කිරීම සඳහා වඩාත් ගැලපෙන, ජනප්‍රිය මෙන්ම සුදුසු ක්‍රමවේදය ලෙස හඳනාගෙන තිබෙනවා. දේශීයව මෙන්ම ජාත්‍යන්තරවත් මෙම නිෂ්පාදන සඳහා පවතින ඉහළ ඉල්ලුම නිසා මෙම ව්‍යාපෘතිය සාර්ථක වීමේ ඉහළ හැකියාවක් පවතිනවා.” යනුවෙන් TESS AGRO PLC සමාගමේ සභාපති ඩිල්ෂාන් ප්‍රනාන්දු මහතා පවසයි.

Visits: 116