තලවාකැලේ ටී එස්ටේට්ස් වෙතින් කොටසකට රුපියල් 3.50 බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත තලවාකැලේ ටී එස්ටේට්ස් පීඑල්සී (TPL.N0000) සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

ඒඅනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 3.50ක් බැගින් මෙම ලාභාංශ ගෙවන බව සමාගම සඳහන් කර සිටියි.

මෙම ලාභාංශ ගෙවීම 2023/24 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම ලෙස සටහන්ව තිබේ.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ඔක්තෝබර් 20 වැනිදා නම් කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ඔක්තෝබර් 20 වැනිදා ප්‍රකාශ කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීම සඳහා කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් තලවාකැලේ ටී එස්ටේට්ස් පීඑල්සී සමාගම සඳහන් කරයි.

කොළඹ කොටස් හුවමාරුවෙහි අවසන්වරට ගනුදෙනු සිදු වුණු පසුගිය සැප්තැම්බර් 27 වැනිදා තලවාකැලේ ටී එස්ටේට්ස් පීඑල්සී සමාගමෙහි කොටසක වටිනාකම රුපියල් 116.00ක් ලෙස සටහන් විය. මෙය පෙර දිනයේදී කොටසක වටිනාකම වූ රුපියල් 118.25ට සාපේක්ෂව රුපියල් 2.25ක එනම් 1.90% ක අඩුවීමකි.

Views: 90