යුනිලිවර් uStore.lk, Uber Eats සහ Celeste Daily සමඟ සහයෝගීතාවයකට

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදන සමාගමක් වන යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමෙහි, නිල ඊ-වාණිජ්‍යය (E- Commerce) වෙබ් අඩවිය වන uStore.lk විසින් Uber Eats සහ Celeste Daily සමඟ සහයෝගීතාවයකට එළඹීම පසුගියදා සිදුවීය.

මෙම සහයෝගීත්වයේ මූලික අරමුණ වනුයේ පාරිභෝගිකයන්ගේ සිල්ලර හා සාප්පු භාණ්ඩ මිලදී ගැනීමේ සේවාව වඩාත් පහසු, අවබෝධාත්මක හා විශ්වාසවන්ත අත්දැකීමක් බවට පත්කිරීමයි. එසේම මෙම සහයෝගීත්වය මඟින් Uber Eats හරහා Ustore.lk වෙත වඩාත් පහසුවෙන් ප්‍රවේශවීමේ හැකියාව පාරිභෝගිකයන් වෙත ලබාදීම සිදුකරයි.

Uber Eats හි uStore.lk වෙත පිවිස පාරිභෝගිකයාට භාණ්ඩ ඇණවුම් කිරීමේ හැකියාව ලැබෙන අතර කොළඹ 06හි පිහිටි ඇති Celeste Daily වෙළෙඳසැලේ සිට කිලෝමීටර් 6.5 දුරක් තුළ, මිනිත්තු 30 කාලයක් ඇතුළත පාරිභෝගිකයා වෙත ඇණවුම් කරන ලද භාණ්ඩ බෙදාහැරීම ද මෙහිදී සිදුවේ. මෙම වේගවත් බෙදාහැරීමේ සේවාව හරහා uStore.lk හි උසස් තත්ත්වයේ නිෂ්පාදනයන් වඩාත් ගුණාත්මක, ආරක්ෂිතහා පහසු ක්‍රියාවලියක් යටතේ පාරිභෝගිකයාගේ නිවසටම ලබාදීම සිදුවේ.

මෙරට ඩිජිටල්කරණ උපාංග හා සේවාවන් වැඩිදියුණු කිරීමේ අරමුණින් යුතුව යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම පාරිභෝගික කේන්ද්‍රීය ප්‍රවේශයක් සමඟින් මෙම uStore.lk ක්‍රියාත්මක කරනු ලබයි. 2019 වසරේ දී ආරම්භ කරන ලද මෙම uStore.lk වෙබ් අඩවිය පාරිභෝගිකයන්ගේ අන්තර්ජාල සාප්පු සවාරි අත්දැකීම වඩාත් පහසු හා සරල කිරීමේ අරමුණ සහිතව නිරන්තරයෙන්ම විවිධ වැඩිදියුණු කිරීම්වලට ද ලක්වීය.

මෙම උපායමාර්ගික සහයෝගීත්වය පිළිබඳව යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ පාරිභෝගික සංවර්ධන අධ්‍යක්ෂ භාතිය දයාරත්න මහතා මෙසේ සිය අදහස් පළ කළේය.‘’uStore.lk වෙත පාරිභෝගිකයන්ගේ ප්‍රවේශය වර්ධනය කිරීම සහ රට තුළ බෙදාහැරීමේ ජාලය පුළුල් කිරීමේ අපගේ ඉලක්කය වෙනුවෙන් විශ්වාසදායී හවුල්කරුවන් දෙපළක් වන Uber Eats සහ Celeste Daily සමඟ සහයෝගීත්වයට එළඹීමට හැකිවීම පිළිබඳව අප බෙහෙවින් සතුටට පත්වෙමු. බොහොමයක් පාරිභෝගිකයන්ගේ වර්තමාන කාර්යබහුල ජිවන රටාව තුළ සිල්ලර භාණ්ඩ සිය නිවස වෙත ඇණවුම් කරගැනීමේක්‍රියාවලියට අද වනවිට යොමුවී ඇති බැවින්, uStore.lk වැඩිදියුණු කරන ලද විශේෂාංගයන් සමඟින් පාරිභෝගිකයාගේ සාප්පු සවාරි ඇත්දැකීම වඩාත් පහසු කිරීම සඳහා අපි කැප වී කටයුතු කරනු ලබනවා. අපගේ මෙම සහයෝගීත්වය දිනෙන් දින ශක්තිමත්ව වර්ධනය වනු දැකීම අප සැමගේ බලාපොරොත්තුවයි.’’

Jaysons Group of Companies හි සාමාජිකයෙකු වන Celeste Daily, පසුගිය වසර තුන තුළ Uber Eats හරහා පාරිභෝගිකයින් 50,000 කට පමණ සිය සේවා සැපයීම සිදුකර ඇත.එසේම Celeste Daily විසින් Uber Eats හි uStore.lk සඳහා භාණ්ඩ අවශ්‍යතා සපුරාලීමේ සහකරු ලෙස අත්‍යවශ්‍ය මෙහෙයුම් සහාය ලබාදෙනු ලබයි. පාරිභෝගිකයාගෙන් ලබාගන්නා සියලුම ඇණවුම් සඳහා සුමට හා කාර්යක්ෂම ක්‍රියාවලියක් සහතික කිරීමට Celeste Daily නිරතුරුවම කැපවී කටයුතු කරනු ලබයි.

Views: 57