Häfele අති නවීන මහනුවර ප්‍රදර්ශනාගාරය විවෘත කරයි

අභ්‍යන්තර නිර්මාණ විසඳුම් (Interior Solutions) පිළිබඳ ගෝලීය ප්‍රමුඛයෙකු වන Häfele මහනුවර නගරයේදී සිය අති නවීන ප්‍රදර්ශනාගාරය මහනුවර නගර මධ්‍යයේ, පේරාදෙණිය පාරේ අංක 752 යන ස්ථානයෙහි අභිමානවත් අයුරින් විවෘත කරන ලදී.

ශතවර්ෂයකට අධික කාලයක් පුරා විහිදුණු කීර්තිමත් උරුමයක් සහිත Häfele සමාගම අසමසම අභ්‍යන්තර නවෝත්පාදනයන් සිය පාරිභෝගිකයන් වෙත ලබාදීම සඳහා වූ කැපවීමෙහි වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙම ප්‍රදර්ශනාගාරය විවෘත කළ බව පවසයි.

එහිදී අත්විඳිය හැකි අන්තර්ක්‍රියාකාරී සංදර්ශක (Interactive Displays) නිසා ජාත්‍යන්තර මට්ටටමේ අභ්‍යන්තර නිර්මාණ සඳහා වූ ප්‍රවණතා නව්‍ය ක්‍රියාකාරිත්වය සමග මිශ්‍ර කරමින්, සිය නිර්මාණ සිහින යථාර්ථයක් බවට පරිවර්තනය කිරීමට මෙම වර්ග අඩි 2,000ක සුවිසල් ප්‍රදර්ශනාගාරය තුළදී පාරිභෝගිකයන්ට අවස්ථාව උදාවේ.

විවිධ ඉදිකිරීම් ව්‍යාපෘති කෙරෙහි අවධානය යොමු කරමින් සිය ආරම්භය සනිටුහන් කළ Häfele නොසැලෙන කැපවීම නිසාම එහි බෙදාහැරීමේ ජාලයේ වර්ධනයට පියවර තබමින් කොළඹ සහ මොරටුව ප්‍රදේශවල නවීනතම නිර්මාණ ප්‍රදර්ශනාගාර විවෘත කිරීමට කටයුතු කරනු ලැබීය. එහි තවත් දිගුවක් ලෙස ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ පරිපාලන අගනුවර වශයෙන්ද, අසල්වැසි ප්‍රදේශ සඳහා මධ්‍යම කේන්ද්‍රස්ථානයක් ලෙසද, දෙස් විදෙස් සංචාරකයන් එකසේ ආකර්ෂණය වන උපාය මාර්ගික සන්ධිස්ථානයක් ලෙසද සැලකෙන මහනුවර නගරය මධ්‍යයේ වඩාත් සුවිශේෂී කේන්ද්‍රස්ථානයක මෙම නවතම ප්‍රදර්ශනාගාරය විවෘත කිරීම සුවිශේෂී කරුණකි.

නව ප්‍රදර්ශනාගාරය විවෘත කිරීම සම්බන්ධයෙන් Häfele Lanka හි විකුණුම් සහ අලෙවි සාමාන්‍යාධිකාරී පවන් සිං මහතා සිය අදහස් දක්වමින් මෙසේ කියා සිටියේය. ”අපගේ නව අභ්‍යන්තර නිර්මාණ ප්‍රදර්ශනාගාරය මහනුවර නගරය වෙත හඳුන්වා දීමට ලැබීම ගැන අප බෙහෙවින් සතුටට පත්වෙනවා. අපගේ පෙර ප්‍රදර්ශනාගාරය වෙතින්ද වඩාත් හොඳ සේවාවක් සැපයූ නමුත්, මේ අසමසම ප්‍රදර්ශනාගාරය තුළදී අපගේ පුළුල් වන නිෂ්පාදන පරාසය සේම, පාරිභෝගිකයන් වෙත පිරිනමන අපගේ නවීනතම නිර්මාණ හොඳින් ප්‍රදර්ශනය කිරීමට විශාල ඉඩක් අවශ්‍ය වුණා. ඒ අනුව, මේ නව ප්‍රදර්ශනාගාරය ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන් වෙත නවතම නිර්මාණ සහ නවෝත්පාදනයන් ගෙනඒම සඳහා වූ අපගේ කැපවීම යළි යළිත් අවධාරණය කරන අවස්ථාවක් බවට පත්වෙනවා.”

මහනුවරදී විවෘත වූ මෙම නව අභ්‍යන්තර නිර්මාණ ප්‍රදර්ශනාගාරය Häfele හි කැපවීම පිළිබඳ සාක්ෂියකි. ජර්මනියේ කෙන්සින්ගන්හි නිෂ්පාදනය කරන ලද නවීනතම මුළුතැන්ගෙයි පද්ධති, නවීන ගෘහ නිර්මාණ ශිල්පීය සහ ගෘහ භාණ්ඩ ආලෝකකරණ විසඳුම්, උසස් තාක්ෂණයෙන් යුතු ගෘහ උපකරණ මාලාවන්, වඩාත් සෞන්දර්යාත්මක ගෘහ භාණ්ඩ සහ ඇඳුම් අල්මාරි කට්ටල විසඳුම් ඇතුළු තවත් බොහෝ දේ මෙම ප්‍රදර්ශනාගාරය තුළ අන්තර්ගතය.

Visits: 62