කොළඹ කොටස් හුවමාරුවෙන් සුවසැරියට රුපියල් මිලියන 10ක දායකත්වයක්

කොළඹ කොටස් හුවමාරුව මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙත දක්වන සහයෝගයක් ලෙසින් 1990 සුවසැරිය ගිලන් රථ සේවාව වෙත රුපියල් මිලියන 10ක දායකත්වයක් ලබාදුන් බව පවසයි.

පසුගියදා කොළඹ කොටස් හුවමාරුවෙහි සභාපති දිල්ෂාන් වීරසේකර මහතා සහ සුවසැරිය සභාපති දුමින්ද්‍ර රත්නායක අතර මෙම මුදල් ප්‍රදානය සඳහා වන ගිවිසුම් අත්සන් කර තිබේ.

සුවසැරිය ගිලන් රථ සඳහා අනුග්‍රාහකත්වය දැක්වීමේ වැඩසටහන යටතේ මෙම මුදල් දායකත්වය සිදු කෙරී තිබේ. ඒ අනුව වසරක කාලයක් සඳහා සුවසැරිය ගිලන් රථ දෙකක නඩත්තුව සඳහා වන වියදම කොළඹ කොටස් හුමවාරුව විසින් භාරගෙන තිබේ.

මෙම අවස්ථාව සඳහා කොළඹ කොටස් හුවමාරුවෙහි ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතාද සහභාගි වී තිබේ.

Visits: 49