දේශීය ණය ප්‍රශස්තකරණට අනුමැතිය ලබා දීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මතයි

දේශීය ණය ප්‍රශස්තකරණය සඳහා අවශ්‍ය සියලු අවසරය මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයාට ලබා දීමේ සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු යෝජනාව සංශෝධන සහිතව ඊයේ දිනයේදී පාර්ලිමේන්තුවේදී සම්මත විය.

ඒ අනුව මෙම යෝජනාවට පක්ෂව ඡන්ද 122 ක් ලැබී ඇති අතර, යෝජනාවට විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 62 ක් පමණකි.

ඒ අනුව වැඩි ඡන්ද 60 කින් දේශීය ණය ප්‍රශස්තකරණය සඳහා අවශ්‍ය සියලු අවසරය, මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයාට ලබා දීමේ යෝජනාව සංශෝධන සහිතව සම්මත වී තිබේ.

Visits: 46