AMW සමාගම නව ක්‍රියාකාරී ‘CRB Multi’ ලිහිසි තෙල් මාදිලිය හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ බලයලත් එකම Castrol ලිහිසි තෙල් බෙදාහරින්නා වශයෙන් Associated Motorways (AMW) සමාගම ඩීසල් වාහන සඳහා භාවිතයට ගැනෙන නව ක්‍රියාකාරී ‘CRB Multi’ නැමති ලිහිසි තෙල් මාදිලිය වෙළඳපොළ වෙත හඳුන්වාදීමට පසුගියදා කටයුතු යෙදීය.

මෙම නව ක්‍රියාකාරී CRB Multi 15W-40 CH-4 ලිහිසි තෙල් මාදිලිය ඩීසල් රථ වාහන සඳහා අද්විතීය වූ අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා විශේෂයෙන් නිර්මාණය කර තිබීම ද විශේෂත්වයකි. Castrol CRB Multi යනු ජෙනරේටර් යන්ත්‍ර ඇතුළුව මගී සේවාවන්, වාණිජ සහ ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ භාවිතයට ගැනෙන රථ වාහනවල ක්‍රියාකාරීත්වය සහ දිගු කාලීන පැවැත්ම තහවුරු කිරීම සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති සුවිශේෂී, අනර්ග එන්ජින් ඔයිල් මාදිලියකි.

එහි පවතින බහුකාර්ය හැකියාවන් සමඟ, මෙම ලිහිසි තෙල් මාදිලිය කාර්යක්ෂම ක්‍රියාකාරීත්වයක් සහ දිගු කාලීන පැවැත්මක් සහතික කරනු ලබයි. තෙල් ඝණ වීම සහ තෙල් තැන්පත් වීම වළකාලමින්, තීරනාත්මක ලෙස එන්ජිමෙහි කොටස් ආරක්ෂා කරමින් ‘CRB Multi’, සක්‍රීයව එන්ජිම සුපිරිසුදුව පවත්වා ගෙන යාමට සහය ලබා දෙයි. තවද එන්ජිමෙහි තිරසර වූ ක්‍රියාකාරීත්වයට සහ දිගු කල් පැවැත්ම සඳහා විශ්වාසනීය ආරක්ෂාවක් සපයා දෙනු ලබයි.

‘CRB Multi’ හඳුන්වාදීම හරහා පාරිභෝගිකයින් හට වැඩි දියුණු කරන ලද ක්‍රියාකාරීත්වයක් සහ කාර්යක්ෂමතාවයක් ලබා දෙමින් ඔවුන් වෙත අති නවීන නිෂ්පාදන පිරිනැමීමේ AMW හි කැපවීම තවදුරටත් තහවුරු කරයි. ‘CRB Multi’ දැන් Castrol අලෙවි නියෝජිතයින් හරහා ලීටර් 1, ලීටර් 5 සහ ලීටර් 6 වශයෙන් ප්‍රවර්ධන පැකේජ ලෙස ලබා ගැනීමට හැකිය.

AMW හි සමූහ කළමනාකරණ අධ්‍යක්ෂ පීටර් මැකෙන්සි මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ පැවසීය. ”මෙම සුවිශේෂී අලෙවි නියෝජිත හමුව පැවැත්වීම පිළිබඳව සහ ඊට සත්කරත්වය ලබා දෙමින් නව ක්‍රියාකාරී ‘CRB Multi’ ලිහිසි තෙල් වෙළඳපොළට හඳුන්වා දීමට හැකිවීම පිළිබඳව අපි ආඩම්බර වෙනවා. මේ හරහා අපි අපගේ පාරිභෝගිකයන් වෙත නවීන විසඳුම් ලබා දීමට සහ ඔවුන්ට උසස් තත්ත්වයෙන් යුත් නිෂ්පාදන ලබා දීමට නිරන්තරයෙන් උත්සාහ කරනවා.” යනුවෙන් පැවසීය.

ලිහිසි තෙල් අංශයේ ප්‍රධාන කළමණාකරු, (BP Castrol), චරිත් පණ්ඩිතරත්න මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ”CRB Multi’ ලිහිසි තෙල් හඳුන්වාදීම, අපගේ පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවයන් සඳහා කරන ලද අඛණ්ඩ වැඩිදියුණු කිරීම් සහ වෙළඳපොළේ පවතින ඉල්ලුම සපුරාලීම සඳහා අප සතු කැපවීම පෙන්නුම් කිරීමකි. මෙම ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් ලිහිසි තෙල් මෝටර් රථ කර්මාන්තයේ විවිධ වූ අවශ්‍යතාවයන් සපුරාලමින් වැඩිදියුණු කරන ලද ඵලදායීතාවයක්, දිගු කල් පැවැත්මක් සහ ඉහළ කාර්යක්ෂමතාවයක් ලබා දෙන බවට අපි හුදෙක් විශ්වාස කරනවා.”යනුවෙන් පැවසීය.

මීට අමතරව Castrol අලෙවි නියෝජිත ප්‍රජාව සඳහා ප්‍රථම වරට සුවිශේෂී ඇගයුම් සම්මාන උළෙලක් සමගින් සිය අලෙවි නියෝජිත හමුවක්ද මීට සමගාමීව පවත්වන්නට සමාගම කටයුතු යොදා තිබේ.

මෙම අලෙවි නියෝජිත හමුව සඳහා රට පුරා විසිරී සිටින Castrol අලෙවි නියෝජිතයන් රැසක් සහභාගී විය. අලෙවි සහ බෙදාහැරීම් කටයුතු වලදී ඉලක්ක සපුරා ගැනීම සඳහා එම අලෙවි නියෝජිතයින් ලබාදුන් සුවිශේෂී දායකත්වය අගය කිරීමට සහ ඔවුන්ව හඳුනා ගැනීමට මෙම හමුව හරහා කදිම අවස්ථාවක් සලසා දෙනු ලැබිණි.

මෝටර් රථ කර්මාන්ත ක්ෂේත්‍රය තුළ වසර 74 කට වැඩි වටිනා ඓතිහාසික උරුමයක් හිමි AMW සමාගම, Nissan, Suzuki, Renault, Yamaha සහ New Holland Tractors යන ලෝක ප්‍රකට රථ වාහන සන්නාම සඳහා බලයලත් නියෝජිතයන් වන අතර, AMW Capital Leasing & Finance යන අනුබද්ධ ආයතනය ද මෙම සමූහ ව්‍යාපාරයට අයත් වේ.

ආරම්භයේ පටන්ම ප්‍රමුඛ පෙළේ කාර්මික ටයර් නිෂ්පාදකයෙකු සහ අපනයනකරුවෙකු ද වන AMW, මෑතකදී යතුරුපැදි හා ත්‍රීරෝද රථ ටයර් දේශීය වෙළඳපොළට හඳුන්වා දීමට පියවර ගෙන ඇත. තවද AMW යනු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හි Al Futtaim සමූහයේ පූර්ණ අනුබද්ධිත ආයතනයකි.

Visits: 61