සියැට් කැළණි දේශීයව නිෂ්පාදිත නව ට‍්‍රක්, බස් රේඩියල් ටයරයක් හඳුන්වා දෙයි

ශ‍්‍රී ලංකාවේ විශාලතම වායුරෝධක ටයර් නිෂ්පාදකයා වන සියැට් කැළණි හෝල්ඩිංග්ස් වෙතින් නව ඉහළ කාර්යසාධනයක් සහිත අලූත් වාණිජ වාහන ටයරයක් නිෂ්පාදනය කිරීම ආරම්භ කර ඇතැයි අනාවරණය කරයි.

295/80 R 22.5  TL ප‍්‍රමාණයේ ට‍්‍රක් බස් රේඩියල් ටයරයක් වන CEAT Winmile X3 AW ටයරය ප‍්‍රයිම් මූවර්, ඉන්ධන බවුසර්, තොග සිමෙන්ති ප‍්‍රවාහන රථ, ට‍්‍රක් රථ සහ අනෙකුත් විශාල භාණ්ඩ ප‍්‍රවාහන වාහන සඳහා කදිම ටයරයක් වෙයි. එසේම ශ‍්‍රී ලංකාවේ මාර්ගවල ධාවනය වන මගී ප‍්‍රවාහන බස් රථ සඳහා මෙම ටයරය ඉතා සුදුසු බැව් සමාගම ප‍්‍රකාශ කරයි.

ආනයනය මත යැපීම අවම කර විදේශ විනිමය සංරක්‍ෂණය කිරීමේ ජාතික ප‍්‍රයත්නයට සහාය දැක්වීමේ සියැට් කැළණි අඛණ්ඩ කැපවීමේ කොටසක් ලෙස මෙය දියත් කෙරෙයි. මෙම CEAT Winmile X3 AW ටයරය, Renault 460 DXI, DAF ZF 105/510, Tantri TBK 43, MAN PGS 440, Isuzu Giga Truck Mixer, UD Nissan Prime Mover, DAF CF/32 ඩයනමික් ලීටර් 33,000 ඉන්ධන ටැංකි රථ සහ සිමෙන්ති ප‍්‍රවාහන රථ සඳහාද සුදුසු වෙයි. එසේම Lanka Ashok Leyland, Yutong සහ King Long වැනි සන්නාමවල විශාල මගී බස්රථ මාදිලි සඳහාද ගැලපෙනු ඇත.

නිෂ්පාදනය කළ දින සිට වසර තුනක නිෂ්පාදන දෝෂ සඳහා වගකීමක් සහිත නව ට‍්‍රක් බස් රේඩියල් ටයරය, ශ‍්‍රී ලංකාවේ තත්ත්වයන් තුළ අමතර සැතැපුම් ප‍්‍රමාණයක් සහ වඩා හොඳ කාර්ය සාධනයක් ලබා දීමට නිර්මාණය කර ඇති බව සමාගම ප‍්‍රකාශ කරයි.

‘මෙය ට‍්‍රක් බස් රේඩියල් කාණ්ඩයේ සුපිරි නිෂ්පාදනයක් වන අතර, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රවාහන අංශයේ අවශ්‍යතා පිළිබඳ අපගේ අවබෝධය සහ වෙළෙඳපොළේ අභියෝග මධ්‍යයේ වුවද නව නිෂ්පාදන සංවර්ධනය සඳහා අපගේ අඛණ්ඩ කැපවීමද පිළිබිඹු කරයි,’ යැයි සියැට් කැළණි සමාගමේ කළමණාකාර අධ්‍යක්‍ෂ රවී ඩඞ්ලානි මහතා පැවැසීය. ‘අපගේ වාණිජ ටයර් පාරිභෝගිකයින් සඳහා මෙහෙයුම් පිරිවැය ඉහළ යෑමත් සමග, ආනයනවල කාර්යසාධන පරාමිතීන් සපුරාලීමට හෝ ඉක්මවා යෑමට හෝ සැලැසුම් කර ඇති තරගකාරී මිල නිෂ්පාදනවල අවශ්‍යතාවය වඩාත් උග‍්‍ර වී ඇති අතර, අපගේ ‘වින්මයිල්’ ටයර් පරාසය සමග අපි මෙම අවශ්‍යතාවය සපුරාලන්නෙමු,’ යැයිද ඔහු තවදුරටත් අවධාරණය කළේය.

ශ‍්‍රී ලංකාවේ ටයර් අවශ්‍යතාවයෙන් අඩක් නිෂ්පාදනය කරන මෙරට නිෂ්පාදන අංශය තුළ ඉතාමත් සාර්ථක ඉන්දියා – ශ‍්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙසින් සැලකෙන සියැට් කැළණි සමාගම ශ‍්‍රී ලංකාවේ ටයර් නිෂ්පාදන අංශයේ විශාලතම සමාගමයි. සමාගම මේ දක්වා ශ‍්‍රී ලංකාවේ මෙම ඒකාබද්ධ ව්‍යාපාරය සඳහා සමස්තයක් ලෙස රුපියල් බිලියන 08 කට වැඩි මුදලක් ආයෝජනය කර තිබෙන අතර සමාගම විසින් මගී මෝටර් රථ, වෑන්, SUV වාහන, වාණිජ (බයස්-ප්ලයි සහ රේඩියල්) යතුරු පැදි, ත‍්‍රිරෝද රථ සහ කෘෂි කාර්මික වාහන සඳහා ටයර් මෙරට නිෂ්පාදනය කරයි.

සියැට් සන්නාමය මේ වනවිටත් මෙරට රේඩියල් ටයර් වෙළෙඳ පොළින් 48% ක කොටසක්ද, ට‍්‍රක් රථ ටයර් වෙළෙඳ පොළින් 80% ක කොටසක්ද, සැහැල්ලූ ට‍්‍රක්රථ ටයර් වෙළඳ පොළින් 84% ක කොටසක්ද, ති‍්‍රි රෝද රථ ටයර් වෙළෙඳ පොළින් 51% ක කොටසක්ද, යතුරු පැදි ටයර් වෙළෙඳ පොළින් 36% ක කොටසක්ද, කෘෂිකාර්මික ටයර් වෙළෙඳ පොළින් 72% ක කොටසක්ද අත්පත් කර ගැනීමට සමත්ව ඇත. සියැට් ශ‍්‍රී ලංකා විසින් නිෂ්පාදනය කරන ටයර් වලින් 20% පමණ දකුණු ආසියාවේ, මැදපෙරදිග, අපි‍්‍රකාවේ සහ අග්නිදිග ආසියාවේ රටවල් 16 ක් වෙත මේ වනවිට අපනයනය කරයි.

Visits: 66