2030 වන විට කාබන් වායු විමෝචනය 30%කින් අවම කිරීමට නෙස්ලේ ලංකා සමාගම වැඩමුළුවක් පවත්වයි

නෙස්ලේ සමාගමේ තිරසර අරමුණු කරා යමින් වර්ෂ 2030 වනවිට කාබන් වායු විමෝචනය 50%කින් අවම කරගැනීමේ මාර්ග සිතියම සකස්කිරීම වෙනුවෙන් නෙස්ලේහි ආසියානු, ඕෂනියා සහ අප්‍රිකානු කලාපීය කිරි ආහාර අංශ විශේෂඥයින්ගේ දායකත්වයෙන්, නෙස්ලේ ලංකා සමාගම පසුගියදා වැඩමුළුවක් සංවිධානය කර තිබේ.

සතියක් පුරා පැවැති මෙම වැඩමුළුවට රටවල් 10කට වැඩි සංඛ්‍යාවක නියෝජනයක් දක්නට ලැබුණි. එහිදී නැවුම් කිරි සපයාගැනීමට අදාළ නෙස්ලේ සමාගමේ නවතම ප්‍රමිතීන් මෙන්ම පුනර්ජනනීයකෘෂි භාවිතයන් පිළිබඳව ද සාකච්ඡා කෙරුණි.

ඊට සමගාමීව නෙස්ලේ ලංකාහි කිරි ආහාර අංශයේ සැපයුම් දාම සහකරුවන් කිහිපදෙනෙකු හමුවී විශේෂඥතා දැනුම හුවමාරු කරගනිමින්, දේශීය ප්‍රජාව වෙත ගෝලීය සම්මත භාවිතයන් සමීප කරවීමටත් පියවර ගැනුණි. 

″ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය දියුණු කිරීම වෙනුවෙන් අපගේ අඛණ්ඩ කැපවීම තවදුරටත් ඉදිරියට ගෙනයමින්, අපගේ ගොවි ප්‍රජාවටලාභදායී මෙන්ම තිරසර ජීවනෝපායක් උරුම කරදීමට අපි ඉදිරියටත් සහාය වන්නෙමු. එම පසුබිම තුළ, කිරි ආහාර අංශයේ කලාපීය විශේෂඥයින් පිරිසකගේ දායකත්වය සමඟ මෙවැනි වැඩමුළුවක් සංවිධානය කරමින්, කාබන් වායු විමෝචනය ශූන්‍ය කිරීමේ අපගේ අරමුණට කිරි කර්මාන්තය තුළ ගෝලීය සම්මතභාවිතාවන් යොදාගැනීමට ඇති හැකියාව ගැන සාකච්ඡා කිරීමට හැකිවීම පිළිබඳව අපි බෙහෙවින් සතුටු වන්නෙමු. එමෙන්ම, දේශීය කිරි ගොවි ප්‍රජාවට තවදුරටත් සහාය වීමට අවස්ථාව උදාවීම ද අපට සතුටකි″, යනුවෙන් නෙස්ලේ ලංකා සමාගමේ අධ්‍යක්ෂ-තාක්ෂණික පියේ-ඉමැනුවෙල් මොරින් මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ පෙද්ගලික අංශය තුළ විශාලතම නැවුම් කිරි එක්රැස් කරනසමාගමක් වන නෙස්ලේ ලංකා සමාගම, දේශීය කිරි කර්මාන්තයේ දියුණුව වෙනුවෙන්සුවිශේෂී දායකත්වයක් දක්වයි. මෙරට 12,000කට වැඩි කිරි ගොවි පවුල් සංඛ්‍යාවක් වෙත සහාය සලසන නෙස්ලේ ලංකා සමාගම, පසුගිය වසර කිහිපය තුළ මතුවුණු සමාජ ආර්ථික අභියෝග හමුවේ පවා සමාගමේ අවශ්‍යතාව ද ඉක්මවා කිරි මිලදී ගනිමින් කිරි ගොවීන් හට තිරසර ජීවනෝපායක් සලසා දීම වෙනුවෙන් දැවැන්ත කාර්යභාරයක් ඉටුකළේය.

2021 සහ 2022 වර්ෂවලදී පිළිවෙළින් රුපියල් බිලියන 2.4ක් සහ 3.6ක් නෙස්ලේ සමාගම විසින් දේශීය කිරි මිලදීගැනීම වෙනුවෙන් වැය කරන ලදී. තව ද, 80 දශකය මුල ආරම්භ කෙරුණු නෙස්ලේ ලංකා කිරි සංවර්ධන වැඩසටහන මගින් දේශීය නැවුම් කිරිවල ප්‍රමිතිය සහ සැපයුම වැඩිදියුණු කෙරෙන අතර, කිරි කර්මාන්තය තුළ යහපත් භාවිතාවන් ප්‍රවර්ධනය කිරීම ද සිදුකෙරේ.

‘වර්තමාන මෙන්ම අනාගත පරපුරටත් ජීවිතයේ ගුණාත්මකබව වර්ධනය කරගැනීම සඳහා ආහාර සතු ශක්තිය මුදාහැරීමේ‘ අරමුණ සමඟ ක්‍රියා කරන නෙස්ලේ සමාගම, ඉහළ ගුණාත්මක බවින් යුතු සිය ආහාර සහ පාන වර්ග නිෂ්පාදන පෙළ හරහා මුල් ළමාවියේ සිට වැඩිහිටි විය දක්වා පුළුල් පරාසයක පාරිභෝගිකයින්ට සමීප වී ඇත.

1906 වසරේ ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් ආරම්භ කළ නෙස්ලේ ලංකා සමාගම වර්තමානය වන විට ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත තුළට බද්ධ වී ඇත.ශ්‍රී ලංකාව තුළ අලෙවි කරන නෙස්ලේ නිෂ්පාදනවලින් 90%කට වැඩි ප්‍රමාණයක් කුරුණෑගල පිහිටි එම සමාගමට අයත් කර්මාන්තශාලාවේ දැඩි සුරක්ෂිතතා සහ ගුණාත්මක ප්‍රමිතීන් මත නිපදවනු ලබයි.

Visits: 39