SME ව්‍යාපාරිකයන් සවිබල ගැන්වීමට ඩයලොග් ෆිනෑන්ස් සහ Daraz එක් වෙයි

Daraz තමා සමඟ එක් වී සිටින සුළු හා මධ්‍යම පරිමාණ විකුණුම් කරුවන් වෙත විකුණුම් ණය පහසුකම් සැපයීම වෙනුවෙන් ඩයලොග් ෆයිනෑන්ස් පීඑල්සී සමඟ මෑතක දී සහයෝගීතාවක් ගොඩනඟා ගැනීමට කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට (SMEs) ඔවුන්ගේ ව්‍යාපාර පුළුල් කර ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය සහයෝගය ලබා දීම මෙම හවුල්කාරිත්වයේ මූලික අරමුණයි.

මේ යටතේ, ඩයලොග් ෆිනෑන්ස් පීඑල්සී විසින් Daraz සේවාව හා සම්බන්ධ විකුණුම් කරුවන්ට කාරක ප්‍රාග්ධන මූල්‍ය පහසුකම් ලබා දෙන අතර, එය වෙබ් අඩවිය තුළ ඔවුන්ගේ නිෂ්පාදන පරාසය පුළුල් කිරීමට සහ ඔවුන් අන්තර්ජාල වෙළෙඳසැල් සංකල්පය සමඟ එක් වීමේ ප්‍රවණතාව ඉහළ නැංවීම අරමුණු කරයි.

‍Daraz හා සම්බන්ධ විකුණුම්කරුවන්ට වැඩි පාරිභෝගික ආකර්ෂණයක් දිනා ගැනීම, ඔවුන්ගේ විකුණුම් ආදායම් තත්ත්වය වැඩි කර ගැනීම, පුළුල් පාරිභෝගික පදනමක් කරා ළඟා වීම සහ ඔවුන්ගේ ව්‍යාපාර වර්ධනය කර ගැනීම ආදී ඉලක්ක සඳහා සහයෝගය ලබා දීම මෙමගින් අපේක්ෂිත අනෙකුත් ප්‍රතිලාභයි.

ඊට අමතරව ඩිජිටල් මූල්‍යකරණ සේවාවන් යනු සාම්ප්‍රදායික ණය පහසුකම්වලින් ඔබ්බට ගිය, වඩාත් පහසුවෙන් ලබා ගත හැකි මෙන් ම කාර්‍යක්ෂම ක්‍රමවේදයක් නිසා එමඟින් වේගවත්ව ප්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාව ඇත.

මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් Daraz Sri Lanka සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රඛිල් ප්‍රනාන්දු මහතා, “අපගේ සේවාව මගින් විකුණුම් කරුවන්ට අත්‍යවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා දීම වෙනුවෙන් ඩයලොග් ෆයිනෑන්ස් පීඑල්සී සමඟ අත්වැල් බැඳ ගැනීමට හැකි වීම ගැන අපි ඉතා සතුටට පත් වෙනවා. ශ්‍රී ලංකාව ප්‍රධාන දකුණු ආසියානු කලාපය තුළ ජීවත් වන විවිධ ජන කණ්ඩායම් වෙත නව්‍ය හා වැඩිදියුණු කළ මූල්‍ය විසඳුම් නිර්මාණය කිරීමේ හැකියාව මෙමඟින් ලැබෙන බවත් පැවසිය යුතුයි. ” යනුවෙන් පවසයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් ඩයලොග් ෆිනෑන්ස් පීඑල්සී හි ප්‍රධාන විධායක නිලධාරී / අධ්‍යක්ෂ නසීම් මොහොමඩ් මහතා, “සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ කොඳු නාරටියයි. එම නිසා ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ වර්ධනයට සහය දැක්වීම වෙනුවෙන් අපි කැප වී සිටිනවා. ව්‍යාපාර සඳහා මුල්‍ය විසඳුම් ලබා දීම පිළිබඳ අපගේ පුළුල් පළපුරුද්ද සමඟින්, Daraz සමඟ සම්බන්ධ විකුණුම් කරුවන්ගේ වර්ධනයට සැලකිය යුතු දායකත්වයක් ලබා දීමේ හැකියාව අප සතු වන බව මම විශ්වාස කරනවා.” යනුවෙන් පවසා තිබේ.

මෙම හවුල්කාරිත්වය ශ්‍රී ලංකාවේ ඩිජිටල් මූල්‍ය සහ විද්‍යුත් වාණිජ්‍යය අංශ තුළ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර, එය මෙරට ආර්ථික වර්ධනයට, ජනතාව තුළ වටිනාකම් ගොඩනැංවීමට මෙන් ම නව සමාගම් අතර සහයෝගීතා නිර්මාණය කිරීමට ද ශක්තිය ලබා දෙයි.

Visits: 82