ජය බහාලුම් පර්යන්ත සමාගමේ MD ලෙෂාන් ඩි සිල්වා ලංකා අශෝක් ලේලන්ඩ් පීඑල්සී සභාපති ධුරයට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ලංකා අශෝක් ලේලන්ඩ් පීඑල්සී සමාගමෙහි (ASHO.N0000) නව සභාපතිවරයා ලෙස ලෙෂාන් ඩි සිල්වා මහතා පත් කරගත් බව එම සමාගම පවසයි.

පසුගිය මාර්තු 15 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව පත් කිරිම සිදු කර තිබේ. මෙහිදී ඒ මහතා ස්වාධීන නොවන සභාපතිවරයා ලෙස එම සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පත් කර තිබේ.

එම අවස්ථාව වනවිටත් ලෙෂාන් ඩි සිල්වා මහතා ලංකා ලේලන්ඩ් ලිමිටඩ් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.

මෙතෙක් කලක් ලංකා අශෝක් ලේලන්ඩ් පීඑල්සී සමාගමෙහි සභාපතිවරයා ලෙස කටයුතු කළ ඒ.කේ.එස්.ඒ. ජයසේන මහතා එම ධුරයෙන් ඉවත්වීමෙන් අනතුරුව හිස් වූ ධුරය සඳහා ලංකා ලේලන්ඩ් ලිමිටඩ් සමාගම මගින්  සිදුකළ නාමයෝජනාවක් ලෙස ඒ මහතා පත් කර තිබේ.

ලෙෂාන් ඩි සිල්වා මහතා මේවනවිට ජය බහාලුම් පර්යන්ත සමාගමෙහි කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරමින් සිටියි. එසේම ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ්හි පිහිටි එමරල්ඩ් හොටේල්හි මෙහෙයුම් කළමනාකරු ලෙසද ඔහු කටයුතු කරයි.

මීට අමතරව ඒ මහතා මාර්ග සංවර්ධන අධිකාරියෙහි ව්‍යාපෘති සහකාර කළමනාකරු ලෙස මෙන්ම ඩයලොග් ආසිආටා පීඑල්සීහි ජාතික ව්‍යාපාර විසඳුම් හි නිලධාරීවරයා ලෙසද කටයුතු කරයි.

ඒ මහතා එක්සත් රාජධානියේ සන්ඩර්ලෑන්ඩ් විශ්විවද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව බී.ඒ. (ගෞරව) උපාධිධාරියෙකි.

Visits: 146