ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියට ව්‍යාපාරික නායකයින් සම්බන්ධ කර ගන්නා ලෙස COYLE රජයෙන් ඉල්ලයි

තරුණ ලාංකේය ව්‍යවසායක මණ්ඩලය (COYLE) සිය 24 වැනි සංවත්සර සැමරුම පසුගියදා කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පවත්වා තිබේ.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අගමැති ගරු. දිනේෂ් ගුණවර්ධන; ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස එක්සත් ජනපද තානාපති, එච්. ඊ. ජූලි චන්ග් සහභාගී වී තිබේ.

මෙම සංවත්සරය පිළිබඳව අදහස් දක්වා ඇති COYLE ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ගනු තීරණ දැඩි නමුත් පවතින තත්ත්වය සලකා බැලීමේදී අත්‍යවශ්‍ය ඒවා බව COYLE විශ්වාස කරයි. මෙම තීරණවල ප්‍රතිඵලයක් ලෙස ක්‍රමානුකූලව යහපත් වෙනසක් ආර්ථිකයේ දක්නට ලැබෙන බව ද COYLE විසින් සඳහන් කර තිබේ.

එසේම COYLE සතු සාමූහික අත්දැකීම්, විශේෂඥතාව සහ සම්බන්ධතා සැලකිල්ලට ගැනීමේදී ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා සැලකිය යුතු වටිනාකමක් සහ අවබෝධයක් ලබා දීමේ හැකියාව ඔවුන් සතුව පවතී. එබැවින් ආර්ථික පුනර්ජීවනය කඩිනම් කිරීම සඳහා ඔවුන් සමඟ එක්ව ක්‍රියාකාරීව සම්බන්ධ වී කටයුතු කරන ලෙස COYLE රජයෙන් ඉල්ලා සිටී.

ශ්‍රී ලංකාවේ බලයලත් සමාගම් කිහිපයක සභාපතිවරුන් සහ පාලන කොටස් හිමියන් ලෙස කටයුතු කරන පුද්ගලයින් 116 කට අධික සංඛ්‍යාවකින් COYLE සමන්විත වේ. එහි සාමාජික සංවිධාන 500කට අධික සංඛ්‍යාවක් ඇති අතර රට තුළ පවතින ව්‍යාපාර 50කට ආසන්න සංඛ්‍යාවකට අනුබද්ධ වේ.

තරුණ ව්‍යවසායකයින් විසින් COYLE හි කළමනාකරණ සහ පාලන කටයුතු මෙහෙයවන අතර COYLE අද පවතින තත්වයට පැමිණීමට එහි ආරම්භක වසර තුළ සංවිධානයට සම්බන්ධ වූ ජ්‍යෙෂ්ඨ සහ ගෞරවනීය ව්‍යාපාරික නායකයින් සුවිශේෂී හේතුවක් ලෙස දැක්විය හැකිය.

COYLE විසින් ව්‍යවසායකත්වය, ග්‍රාමීය ප්‍රජාවන්ගේ සංවර්ධනය සහ චින්තන නායකත්වය ක්‍රියාකාරීව ප්‍රවර්ධනය කරනු ලබන අතර සිය සාමාජික සමාගම් සමඟ එක්ව ආයතනික සමාජ සත්කාර වැඩසටහන් සැලකිවයුතු ප්‍රමාණයක් මෙහෙයවා ඇත.

COYLE සිය සාමාජිකයින්ට සහ පාර්ශවකරුවන්ට නායකත්වය, දැනුම සහ සංවර්ධනය සපයන අතර, වසර ගණනාවක් පුරා සිය දේශීය හා ගෝලීය ජාල හරහා ශ්‍රී ලංකාවේ ව්‍යාපාර වර්ධනය උදෙසා සුවිශේෂී සේවයක් සපයනු ලබයි.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන; ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා; කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන්; පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්; ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ අණ දෙන නිලධාරීන්; රජයේ නිලධාරීන් සහ ව්‍යාපාරික නායකයින් සහභාගී විය.

Visits: 42