මෙරට ආයෝජනය සඳහා ජපන් ආයෝජකයන්ගේ උනන්දුව ඉහළට

ශ්‍රී ලංකා ජපන් තනාපති කාර්යාලයේ උප ප්‍රධානී කට්සුකී කොටාරෝ මහතා ප්‍රමුඛ ජපාන ආයෝජකයන් කණ්ඩායමක් පසුගියදා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේදී රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම  මහතා සහ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා එම් වීරකෝන් මහත්මිය මුණ ගැසුණු බව පවසයි.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් තම ප්‍රතිරූපය ගොඩනැගීමට හේතු වන  ජාත්යන්තර මූල් අරමුදලේ විස්තීරණ ණය යෝජනාවත් හා සමගාමිව ජපාන ආයෝජකයන් ශ්රි ලංකාව තුල නැවත ආයෝජන කිරීමටත් මේ වන විටත් ආයෝජනය කර ඇති  ආයෝජකයන් තවදුරටත් ආයෝජන කටයුතු ඉදිරියට ගෙන යාම බලාපොරොත්තුවෙන් මෙම සාකච්ඡාව පැවැත්වුණු බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසයි.

මෙහිදි ඉතා පුළුල් ක්ෂේත්රයන් පිළිබදව ඔවුන්ගේ අවධානය  යොමු වී තිබේ.   අනුව, සංචාරක ව්යාපාරය, හෝටල් ව්‍යාපාරය, වෛද්‍ය උපකරණ නිෂ්පාදනය, බෙහෙත් වර්ග නිෂ්පාදනය සහ මහල් නිවාස, දේපල හා ඉඩකඩම් වැඩිදියුණු කිරීමේ ව්යාපෘති පිළිබඳව සාකච්ඡා කෙරී තිබේ.

මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා, ආර්ථික අර්බුදය  හමුවේ ශ්‍රී ලංකාව ආයෝජකයන් රට තුලට ගෙන්වා ගැනීම සදහා  අවශ්‍ය කරන මූලික නීතීන් සහ ප්රතිපත්තින් ආයෝජකයා හට රට තුළ නව ආයෝජන කටයුතු පහසුවෙන් ගෙන යාම සදහා අවශ් කරන නිති සම්පාදනයන් මේ වන විට සිදුවන බවත් ජාත්යන්තර මූල් අරමුදලේ විස්තීරණ ණය යෝජනා ක්රමය මගින් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහලට යන බැවින් මෙය ආයෝජනයට කදිම අවස්ථාවක් වන බව පැවසීය.

ශ්රි ලංකාව ජපානය අතර ඇති දීර්ඝකාලින  මිත්‍රත්වය සහ ඔවුන් මේ වන විටත් රට තුළ සිදුකර ඇති අධි තාක්ෂණ ආයෝජනයන් පිළිබද ස්තුතිය ප්‍රකාශ කළේය.

මේ අතර, ආයෝජකයන්ගේ ප්රශ්ණ වලට පිළිතුරු සපයමින් ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් රේණුකා එම් වීරකෝන් මහත්මිය පැවසුවේ ආයෝජකයන්ගේ සියලුම ආයෝජන කටයුතු කර ගැනිම සදහා ආයෝජකයන් සදහා පහසුකම් සපයන මධ්යස්ථානයක් (IFC) පිහිටුවා ඇති බවයි.

එමගින් ආයෝජකයන්ට අවශ් කරන  සියලු අනුමත කිරීම් ඇතුලු දෑ එක වහලක් යට සිදුකර ගත හැකි බවයි

සෑම ආයෝජකයෙකුටම එක් නිළධාරියෙක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙන් අනුයුක්ත කරනු ලබන අතර එම නිළධාරියා අදාල ව්යාපෘතීන් අවසානය තෙක්ම ආයෝජකයාට අවශ් සහයෝගය ලබාදීමෙන් පහසුකම්  සපයනු ඇතැයි ඇය තවදුරටත් ප්‍රකාශ කළාය.

Visits: 84