එක්ස්පැක් සමාගමෙන් කොටසකට ශත 72 බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත එක්ස්පැක් කොරුගේටඩ් කාර්ටොන්ස් පීඑල්සී (PACK.N0000) සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් ශත 72ක් බැගින් මෙම ලාභාංශ ගෙවන බව සමාගම සඳහන් කරයි.

මෙය 2022/23 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන දෙවැනි අතරමැදි ලාභාංශ ගෙවීම ලෙස පැවසෙයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස අප්‍රේල් 17 වැනිදා ප්‍රකාශ කර ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) මාර්තු 22 වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් කොටස් හිමිකරුවන්ගෙ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් සමාගම සඳහන් කරයි.

මේ අතර ඊයේ දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී එක්ස්පැක් සමාගමේ කොටසක වටිනාකම රුපියල් 16.40ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පෙර දිනයේ කොටසක වටිනාකම වූ රුපියල් 16.60ට සාපේක්ෂව රුපියලි ශත 20ක එනම් 1.20%ක පසු බැසීමකි.

Visits: 115