CodeGen Innovations පෝර්ට් සිටියේ පළමු අක්වෙරළ ව්‍යාපාරය ලෙස ලියාපදිංචි වෙයි

සුප්‍රසිද්ධ Vega සුපිරි මෝටර් රථය නිපදවූ CodeGen Group සමුහයට අයත් තාක්ෂණික සේවා සම්පාදන සමාගමක් වන CodeGen Innovations සමාගම කොළඹ වරාය නගරයෙහි ලියාපදිංචි වූ පළමු ශ්‍රී ලාංකික අක්වෙරළ සමාගම බවට පසුගියදා පත් වූ බව පවසයි.

ඒ අනුව කොළඹ වරාය නගරයෙහි සුවිශේෂී ආයෝජන කලාපයේ සමාගමක් ලෙස CodeGen Innovations සමාගම මෙලෙස ලියාපදිංචිය හිමි කරගෙන තිබේ.

මෙම අවස්ථාව සඳහා CodeGen හි අධ්‍යක්ෂ පසන් වනිගසේකර, CodeGen Innovations හි ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හර්ෂ සුබසිංහ, CodeGen හි අධ්‍යක්ෂ කුසල් සුභසිංහ සහ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, පෝර්ට් සිටි ආර්ථිකකොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ප්‍රියත් බී වික්‍රම ඇතුළු පිරිසක් සහභාගි වී තිබේ.

අද වනවිට යුරෝපය, ආසියාව සහ මැදපෙරදිග ඇතුළු කලාප රැසකම සිය කාර්යාල පිහිටුවා ඇති CodeGen Innovations සමාගම මෙලෙස කොළඹ වරාය නගරය තුළ පළමු ශ්‍රී ලාංකික අක්වෙරළ සමාගම ලෙස ලියාංපදිංචි වීම සුවිශේෂී සන්ධිස්ථානයක් බව එම සමාගම පවසයි.

ඒ අනුව කොළඹ වරාය නගරයෙහි පිහිටුවන සිය කාර්යාලය හරහා සිය ගෝලීය යොමුවීම තවදුරටත් ශක්තිමත් කරගත හැකි බවත් ඒහරහා වැඩි ජාත්‍යන්තර වෙළෙඳ පොළ වෙත පිවිසීමට අවස්ථාව ලැබෙන බවත් එම සමාගම සඳහන් කරයි.

CodeGen Innovations හි ප්‍රධාන කාර්යාලය මරදාන ට්‍රේස්සිටි පරිශ්‍රයේ පිහිටා තිබේ.

Visits: 285