Softlogic Stockbrokers කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ඇරඹීමට නවතම ඩිජිටල් විසඳුමක් ගෙන එයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ මූල්‍ය සමාගමක් වන Softlogic Capital හි පූර්ණ සේවා සපයනු ලබන තැරැව්කාර අංශය වන Softlogic Stockbrokers විසින් කොළඹ කොටස් වෙළෙඳපොළට එක්වන නව ආයෝජකයින් සඳහා පළමු වරට නව ඩිජිටල් විසඳුමක් හඳුන්වා දෙමින් ක්ෂේත‍්‍රයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරන ලද බව පවසයි.

මෙම නව හඳුන්වා දීම හරහා කොටස් වෙළඳපලේ ගණුදෙණු කිරීමට බලාපොරොත්තු වන නව ආයෝජකයින්ට මධ්‍යම තැන්පතු ක‍්‍රමයේ (CDS) ඇති සිය ගිණුම් පැයක් වැනි කෙටි කාලයක් තුලදී තුළ විවෘත කිරීමට හැකියාව ලැබේ.

මෙතෙක් ඒ සඳහා පැය 24-48 ක් ගත වු අතර මෙමගින් ක්ෂේත‍්‍රය තුළ කැපී පෙනෙන වෙනසක් සිදුව ඇත. මෙම නව්ය විසඳුමත් සමඟල පූර්ණ ඩිජිටල් ක‍්‍රියාවලියක් හරහා 5,000 කට අධික ගනුදෙනුකරුවන් සංඛ්‍යාවක් හඳුන්වා දෙමින්, සුවිශේෂී වර්ධනයක් කරා යන ශ‍්‍රී ලංකාවේ පළමු වැනි සමාගම Softlogic Stockbrokers පත් වීමද සුවිශේෂී කරුණකි.

2022 නොවැම්බරයේ ස්ථාපිත කළ, මෙම online වේදිකාව නවතම ඩිජිටල් විසඳුමකි. එමගින් අනාගත ආයෝජකයින්ට වඩා පහසුවෙන් CSE හි ආයෝජනය කිරීමට අඛණ්ඩව ඩිජිටල් සේවාවක් ලබා දීමෙන් මෙරට කොටස් වෙළෙඳපල ඉදිරියට ගෙන යනු ලබයි. මෙම ඩිජිටල් සේවාව දේශීය සහ පරිශීලක-හිතකාමී වන අතර, ගිණුම් විවෘත කිරීමේදී පහසු, වේගවත් සහ කාර්යක්ෂම අත්දැකීමක් ලබා දෙයි.

Softlogic Stockbrokers හි අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී ඩිහාන් දැඩිගම මහතා පැවසුවේ, ”CSE හි ආයෝජනය කිරීමට  ඕනෑම කෙනෙකුට  ඕනෑම වේලාවක  ඕනෑම තැනක සිට ප‍්‍රවේශ විය හැකි ඩිජිටල් වේදිකාවක් හඳුන්වා දීමට ලැබීම ගැන අපි සතුටු වනවා. මෙම ඩිජිටල් විසඳුම සංවර්ධනය කිරීමට අපගේ කණ්ඩායම් වෙහෙස මහන්සි වී වැඩ කළා. මෙම සේවාව ලබා දෙන ශ‍්‍රී ලංකාවේ පළමු තැරැව්කාර සමාගම වීම ගැන අප නිහතමානීව ආඩම්බර වනවා.

Online CDS ගිණුම් 5000ක් නවතම ඩිජිටල් විසඳුම හරහා විවෘත කළ පළමු සමාගම වීමත් සමඟම අපි තාක්ෂණික නවෝත්පාදනයන් අතින් අනෙක් සමාගම්වලට වඩා ඉදිරියෙන්ම සිටිනවා. අපගේ ගනුදෙනුකරුවන්ට ලබා දිය හැකි හොඳම ප‍්‍රතිලාභ ලබා දෙමින් වෙනස් වන තාක්ෂණය සමඟ හැඩ ගැසීමට ඇති අපගේ කැපවීම මෙම online විසඳුම කදිම සාක්ෂියක්. රටේ සෑම ප‍්‍රදේශයකටම ප‍්‍රවේශ විය හැකි පරිදි ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග්ධන වෙළඳපොළ පරිවර්තනය කරන නව්‍ය ඩිජිටල් විසඳුම් සමඟින් අඛණ්ඩව ඉදිරියට යාමට අපි බලාපොරොත්තු වනවා.’’ යනුවෙනි.

පසුගිය දශකය පුරාවට ආයෝජකයින් කිහිප දෙනෙකුගෙන් තැරැව්කාර කටයුතු ආරම්භ කිරීමේ සිට අද වන විට දේශීය සහ විදේශීය ගනුදෙනුකරුවන් දහස් ගණනකට තම ප‍්‍රාග්ධනය වැඩි කර ගැනීමට සහාය වීමට Softlogic Stockbrokers සමාගම සමත් වී ඇත.

Softlogic Stockbrokers හි විධායක අධ්‍යක්ෂ ඉෆ්තිකාර් අහමඞ් මහතා ”මූල්‍ය පද්ධතිය ඩිජිටල්කරණය කිරීමට සහ කොටස් වෙළඳපොලේ ආයෝජනය කිරීමට ශ‍්‍රී ලාංකිකයින් දිරිගැන්වීමේ අරමුණ පෙරදැරිවයි මෙම විසඳුම අප විසින් නිර්මාණය කලේ. අනෙකුත් බොහෝ අංශ මෙන්ම, විශේෂයෙන්ම පහසුව සහ කාලය ගැන සැලකීමේදී නව ආයෝජකයින්ගේ වෙනස් වන අවශ්‍යතා සහ අපේක්ෂාවන් සපුරාලීමට මූල්‍ය ක්ෂේත‍්‍රයට සුදානම්ව සිටීම අත්‍යවශ්‍ය වනවා. අද වන විට පාරිභෝගිකයින්ට ඉක්මන් සහ පහසු විසඳුම් අවශ්‍ය වන අතර අපගේ online ක‍්‍රමවේදය හරහා CDS ගිණුම් විවෘත කිරීමේ ක‍්‍රමය මගින් ලබා දෙන්නේ එයයි. කොටස් වෙළඳපොලේ අයෝජනය කරනු ලබන අනාගත ආයෝජකයින්ට මෙම නව්‍ය විසඳුම මගින් නවමු අත්දැකීමක් ලබා දෙනු ඇතැයි අපි විශ්වාස කරනවා.’’ යනුවෙන් වැඩිදුරටත් පැවසුවේය.

Visits: 210