ඩොලර් මිලියන 3ක ආයෝජනයකින් නුවරඑළියට BOI අනුමත සුඛෝපභෝගී හෝටල් ව්‍යාපෘතියක්

ලොව සුපිරි ගණයේ සංචාරකයන් ඉලක්ක කරගනිමින් නුවරඑළිය ප්‍රදේශය තුළ සුඛෝපභෝගී හෝටලයක් ඉදිකිරීම සඳහා අල්අරාෆ් හෝටල් සමාගම සූදානමින් සිටින බව පවසයි.

‍ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) අනුමත ව්‍යාපෘතියක් ලෙස මෙය සිදු කෙරෙන අතර, ඊට අදාළ එකඟතාවට පිවිසීම පසුගියදා එම මණ්ඩලයේදී සිදු විය.

අල් අරාෆ් හෝටල් සමාගම සඳහන් කරන ආකාරයට මෙම සුඛෝපභෝගී හොටල් ව්‍යාපෘතියේ සමස්ත ආයෝජනය එක්සත් ජනපද ඩොලර් මිලියන 3කට ආසන්න වෙයි. හෝටලයේ ඇති සමස්ත කාමර සංඛ්‍යාව 49කි.

මෙම සමාගමේ ප්‍රධානතම විධායක නිලධාරී ෆසාල් මොහොමඩ් මහතා සිය ආයෝජන සම්බන්ධයෙන් අදහස් දක්වමින්, සියලුම සංචාරකයන් සදහා ඉතා සුවපහසුවෙන් සහ ඉහල ප්‍රමිතියකින් යුතු ආහාරපාන ලබා දිමට මෙම සුපිරි ගනයේ හෝටලයෙන් බලාපොරොත්තු වන බව පවසා සිටියි.

එසේම කුඩා එංගලන්තය ලෙස සියවස් දෙකකට ආසන්න කාලයක් පුරා ලෝකය තුළ නුවරඑළිය ප්‍රචලිතව පවතින බවත්, සෑම කලාපයක සිටින ධනවත් සංචාරකයන් ඉලක්ක කොටගෙන මෙම හෝටල් ව්‍යාපෘතිය නිරිමාණය කර ඇති බවත් එම සමාගම සඳහන් කරයි.

විශේෂයෙන්ම මෙමගින් ශ්‍රි ලංකාවට ආවේණික Ceylon Tea අත්දැකීමත් Golf ක්‍රිඩාවත් ඔවුන්ට හදුන්වාදීමට බලාපොරොත්තු වේ. 

මීට අමතරව මෙම ව්‍යාපෘතිය මගින් ප්‍රදේශයේ තරුණ තරුණියන් 120කට පමණ රැකියා උත්පාදනය කෙරෙනු ඇතැයිද සඳහන් වෙයි.

මෙම ආයෝජන ව්‍යාපෘතිය පිළිබදව අදහස් දැක්වු ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා එම් වීරකෝන් මහත්මිය, මෙම ව්‍යාපෘතිය මගින් සුපිරි ගණයේ සංචාරකයන් ගෙන ඒමත් එමගින් ශ්‍රි ලංකාව තුල තිරසාර  සංචාරක ව්‍යාපාරය පිළිබද මැදපෙරදිග ප්‍රමුඛ ප්‍රජාව  තුල සුවිශේෂී දැනුවත් භාවයක් ඇතිවනු ඇති බව පවසා සිටියාය.

Visits: 157