බදු ගෙවන්නන් අගය කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහන් මාලාවක් 23 දා කොළඹදී ඇරඹෙයි

බදු ගෙවන දිරිය මිනිසුන් අගය කිරීම සඳහා දිස්ත්‍රික්ක මට්ටමින් සංවිධානය කරන වැඩසටහන් මාලාවේ පළමුවැන්න දෙසැම්බර් 23 වැනි දා (හෙට) කොළඹ දී ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

හෙට දිනයේ කොළඹින් ආරම්භ වන මෙම වැඩසටහන් මාලාව දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය පරිදි පැවැත්වෙන අතර, මුදල් අමාත්‍යාංශය සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන සංවිධානය කරනු ලබයි.

විශේෂයෙන්ම පවතින ආර්ථික අර්බුදය තුළ නව බදු හඳුන්වා දීම්, පැවැති බදු අනුපාත වෙනස් කිරීම් සිදුව ඇති තත්ත්වයක් තුළ වඩාත්ම වැදගත් පාර්ශ්වය වන්නේ ප්‍රතිපත්ති සම්පාදකයන් නොව බදු ගෙවන්නන් බවද අමාත්‍යවරයා පවසයි.

එහිදී බදු ප්‍රතිපත්ති සකස් කිරීම සේම ඒවා පිළිබඳ නිරන්තර සංවාදයේ යෙදීමද රජයේ වගකීම බව අමාත්‍යවරයා සඳහන් කරයි.

Visits: 66