Kelsey Development PLC ජනශක්ති සමූහයෙන් Blue Ocean සමූහය යටතට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත Kelsey Development PLC හි (KDL.N0000) කොටස් හිමිකාරීත්වයෙන් 60%ක් අත්පත් කරගැනීමට Blue Ocean Group of Companies සමාගම අද (15දා) දිනයේදී පියවර ගත් බව එම සමාගම පවසයි.

Kelsey Development PLC සමාගම ලිපියක් මගින් කොළඹ කොටස් හුවමාරුව වෙත මේ පිළිබඳව දැනුම් දී තිබේ.

මෙහිදී Kelsey Development PLC සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන ප්‍රකාශ් ෂාෆ්ටර් සහ රමේෂ් ෂාෆ්ටර් යන සහෝදරයන් දෙදෙනා වෙත අයත්ව තිබූ කොටස් මෙලෙස Blue Ocean Group of Companies හි  Blue Ocean Residencies (පෞද්) සමාගම වෙත අලෙවි කර තිබේ.

ඒ අනුව ප්‍රකාශ් ෂාෆ්ටර් මහතා සතුව තිබූ කොටස් 5,228,782ක් (30%ක්) සහ රමේෂ් ෂාෆ්ටර් මහතා සතුව තිබූ කොටස් 5,228,782ක් (30%) අලෙවි කෙරී තිබේ. මෙහිදී එක් කොටසක් රුපියල් 24.60ක් බැගින් අලෙවිය සිදුව ඇති අතර, සමස්ත ගනුදෙනුවේ වටිනාකම රුපියල් මිලියන 257ක් (257,256,074.40ක්) වෙයි.

මෙම ගනුදෙනුවත් සමගින්ම Kelsey Development PLC සමාගම Blue Ocean Group of Companies හි සාමාජික සමාගමක් බවට පත්වන බවත් දැනුම් දී තිබේ.

Kelsey Development PLC සමාගම මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික පවුලක් වන ෂාෆ්ටර් පවුලට අයත් ජනශක්ති සමූහ ව්‍යාපාරය යටතේ ක්‍රියාත්මක වූ සමාගමකි.

Visits: 142