DSL Energy සූර්ය බලශක්ති විසඳුම් ලබා දීමට OKAYA Power හා එක් වෙයි

Douglas & Sons (පුද්) සමාගමේ සාමාජික ආයතනයක් වන DSL Energy, කෙමෙන් ඉහළ යමින් පවතින වඩා ක්‍රියාකාරී හා තිරසාර බලශක්ති අවශ්‍යතාවන් සපුරාලීම සඳහා වන සිය අඛණ්ඩ සංවර්ධන දර්ශනයේ සුවිශේෂී කඩඉමක් සනිටුහන් කිරීමට පසුගියදා සමත් විය.

ඒ ලොව පුරා ඉහළම තත්වයෙන් යුත් බැටරි නිෂ්පාදනයන්හි විශිෂ්ට සන්නාමයක් වන ඉන්දියාවේ Okaya Power සමූහය සමඟ හවුල්කාරීත්වයකට එක් වූ බව නිවේදනය කරමිනි.

මෙම හවුල්කාරීත්වය තුළින් Okaya Power සමූහයේ පිළිගත් නිෂ්පාදන පෙළ හරහා ශ්‍රී ලාංකේය වෙළෙඳපොලට ජාලයෙන් පිටත (off-grid) සූර්ය බලශක්ති විසඳුම් ලබා දීම DSL Energy සමාගමේ අරමුණ වී ඇත.

Okaya Power හි බැටරි, පැනල් හා ඉන්වර්ටර් නිෂ්පාදනයන් මෙම නිෂ්පාදන පෙළට ඇතුළත් වන අතර හවුල්කාරීත්වයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකේය වෙළෙඳපොල තුළ බැටරි සඳහා වසර 3කද, ඉන්වර්ටර් සඳහා වසර 2කද, පැනල් සඳහා වසර 25කද, වශයෙන් වගකීම් පහසුකම භූක්ති විඳීමට අවස්ථාව උදා වීම සුවිසල් අවස්ථාවක් ලෙස සඳහන් කළ හැකිය.

DSL Energy හි රටපුරා විහිදුණු 400කට අධික අලෙවි නියෝජිත ජාලයක් හරහා බෙදා හරනු ලබන මෙම නිෂ්පාදන සඳහා වාරික ගෙවීමේ සැලසුම්, දේශීය සේවා මධ්‍යස්ථාන හරහා අලෙවියෙන් පසු විශිෂ්ට සේවය මෙන්ම පාරිභෝගික අවශ්‍යතාවන්ට අනුව විවිධ බලශක්ති ධාරිතාවන්ට ගැලපෙන නිෂ්පාදන ලබා ගැනීමේ හැකියාව ශ්‍රී ලාංකේය පාරිභෝගිකයාට හිමි වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ DSL Energyහි ප්‍රධානී නෙරන්ජන් ජයසිංහ මහතා “ හිරු එළිය ඉතා වටිනා එහෙත් අවම වශයෙන්වත් ප්‍රයෝජනයට නොගත් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් බව අපගේ විශ්වාසයයි. එම සූර්ය බලශක්තියට නිවාස සහ ව්‍යාපාර සඳහා මෙන්ම කර්මාන්ත සඳහාද අවශ්‍ය විදුලිය ලබා දෙමින් ආර්ථිකය මෙහෙයවීමේ හැකියාව තිබෙනවා. මෙහිදී නිෂ්පාදනයන්හි ගුණාත්මකභාවය හා පාරිභෝගික විශ්වාසය යන සාධක සම්බන්ධයෙන් DSL ආයතනය මෙන්ම Okaya ආයතනයත් එකම අදහසක සිට කටයුතු කරන බැවින් Okaya සමඟ අත්වැල්බැඳ ගනිමින් ඔවුන්ගේ පරිසර හිතකාමී, විශ්වාසදායී හා දිගුකල් පවත්නා බැටරි නිෂ්පාදන සමඟ ශ්‍රී ලංකාවේ හරිත බලශක්ති ක්ෂේත්‍රය ඉහළ නැංවීම සඳහා කටයුතු කිරීමට ලැබීම පිළිබඳ ඉතාමත් සතුටුයි.” යනුවෙන් පවසා සිටියේය.

Okaya Power සමූහයේ ජාත්‍යන්තර ව්‍යාපාර පිළිබඳ උප සභාපති අනිල් ගුප්තා මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියේ “ DSL Energy සමඟ අප ගොඩනගාගත් හවුල්කාරීත්වය තුළින් රටවල් 50ක අධික ප්‍රමාණයක වර්ධනය වන අපගේ වෙළෙඳපොල වෙත ශ්‍රී ලංකාවද එක් වනවා. විශේෂයෙන් පුනර්ජනනීය බලශක්තිය වැඩි වැඩියෙන් භාවිතයට ගැනීම සඳහා ලෝකය කටයුතු කරමින් සිටින අවධියක එය සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් අපගේ පරිපූර්ණ නිෂ්පාදන පෙල ඊට සුවිසල් පිටිවහල් වනු නිසැකයි. ශ්‍රී ලාංකේය වෙළෙඳපොල තුළ DSL Energy ලබා ඇති ප්‍රවීනත්වය සමඟ එක්ව හිරු එළියෙන් සිය ජීවිතය සවිබල ගන්වන ශක්තිමත් පාරිභෝගික ජාලයක් නිර්මාණය කිරීමට හැකි වනු ඇතැයි අප විශ්වාස කරනවා” යනුවෙනි.

ආරම්භයේ සිටම පාරිභෝගිකයින්ගේ සූර්ය බලශක්ති අවශ්‍යතා තිරසාර හා අවශ්‍ය ආකාරයෙන්  සහතික කළ, දැරිය හැකි බලශක්ති විසඳුම් සමඟ එක් කිරීම සඳහා සහාය ලබා දී ඇති DSL Energy සමාගම සිය ගනුදෙනුකරුවන්ගේ මූලික බලශක්ති අවශ්‍යතා අවබෝධ කර ගැනීමේ සිට අලෙවියෙන් පසු සහාය හා සේවා සැපයීම දක්වා සියලු සූර්ය බලශක්ති විසඳුම් එකම වහලක් යටින් ඉටු කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත. ක්‍රියාකාරී හා තිරසාර බලශක්ති විසඳුම් සම්බන්ධයෙන් නිරන්තරයෙන් වෙනස්වන අවශ්‍යතා සපුරාලීම සඳහා අඛණ්ඩව කටයුතු කරමින් ඉදිරියට යන DSL Energy පාරිභෝගිකයා වෙත සැබෑ ප්‍රතිලාභ සහ ඉතුරුම් හිමිකරදෙන විසඳුම් ලබාදීම වෙනුවෙන් කැපවී කටයුතු කරන බව ද සාක්ෂි සහිතව සඳහන් කළ හැකිය.

සියලුම වර්ගයේ බැටරි, battery cells, power packs, storage batteries, battery containers, battery covers, battery eliminators, chargeable batteries, solar power batteries සහ අනෙකුත් විවිධ වර්ගයේ බැටරි නිෂ්පාදනයේ හා සැලසුම් කිරීම සිදු කරන බැටරි නිෂ්පාදන කාණ්ඩයේ විශිෂ්ටයා වන  Okaya එකිනෙකට වෙනස් නිෂ්පාදන හා සේවා පෙළක හිමිකරුවාද වේ.

Tubular Battery, Inverter Battery හා Solar Battery, SMF Battery, E-Rickshaw Battery, Lithium සහ EV charging විසඳුම් ලබා දීමේ ප්‍රවීනයන් වන Okaya, Tubular Battery හි පරිපූර්ණ නිෂ්පාදකයාද වේ.

විශේෂයෙන් නවතම නිෂ්පාදන හා සේවාවන් වෙනුවෙන් කැපවූ පර්යේෂණ හා සංවර්ධන අංශයක්  තුළින් නිෂ්පාදනයන්හි විශිෂ්ටත්වය හා ගුණාත්මකබව නිරන්තරයෙන් නව්‍යකරණයට ලක් කරන Okaya සමාගම සිය නවනතම බැටරි නිෂ්පාදනයන් හඳුන්වාදීම සඳහා ලොව නවීනතම තාක්ෂණික ක්‍රමෝපායන් භාවිත කරනු ලබයි.

Visits: 58