හේකාර්බ් පීඑල්සී වෙතින් කොටසකට රුපියල් 2.75ක් බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත හේකාර්බ් පීඑල්සී සමාගම (HAYC.N0000) සිය කොටස්හිමිකරුවන්ට ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. පසුගියදා රැස්වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව සමාගම මගින් මෙතෙක් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 2.75ක් බැගින් ලාභාංශ ගෙවන බව සමාගම පවසයි.

මෙය 2022/23 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම ලෙසද සඳහන් වෙයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ඔක්තෝබර් 21 වැනිදාප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ඔක්තෝබර් 12වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සිය කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් හේකාර්බ් පීඑල්සී සමාගම පවසයි.

හේකාර්බ් පීඑල්සී හේලීස් සමූහයට අයත් සමාගමකි. අවසන්වරට කොළඹ කොටස් හුවාමරුවෙහි ගනුදෙනු සිදු වූ පසුගිය සැප්තැම්බර් 30 වැනිදා දිනයේදී එම සමාගමේ කොටසක වටිනාකම රුපියල් 74.60ක් ලෙස සටහන්ව තිබූ අතර එය පෙර දිනයේ කොටසක වටිනාකම වු රුපියල් 73.70ට සාපේක්ෂව ශත 90ක එනම් 1.22%ක ඉහළ යාමකි.

Visits: 104