SG Holdings මාස තුනකදී EXPO හි කොටස් හිමිකාරීත්වය 2.93%කින් ඉහළ නංවා ගනී

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි ප්‍රධානතම කොටස්හිමිකාර සමාගම වන SG Global (Pte) Holdings Limited සමාගම පසුගිය ජූනි 30 වැනිදා සිට සැප්තැම්බර් 28 දක්වා මාස තුනක කාලය තුළදී සිය කොටස්හිමිකාරීත්වය තවත් 2% කට වඩා වැඩි ප්‍රතිශතයකින් ඉහළ නංවාගෙන ඇතැයි පවසයි.

එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම අද (29දා) දිනයේදී කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් මේ පිළිබඳව අනාවරණය කර සිටියි.

ඒ අනුව 2022 ජූනි 30 වැනිදා වනවිට SG Global (Pte) Holdings Limited සමාගම සතු එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි කොටස් ප්‍රමාණය 1,478,251,204ක් එනම් 75.62%ක ප්‍රතිශතයකි.

කෙසේ වෙතත් ගත වුණු ආසන්න මාස තුනක කාලයකදී SG Global (Pte) Holdings Limited සමාගම එක්ස්පෝ ලංකා සමාගමෙහි සිය කොටස් හිමිකාරීත්වය ඉහළ නංවා ගැනීමට කටයුතු කර ඇති අතර, සැප්තැම්බර් 28 වැනිදා වනවිට එය කොටස් 1,535,632,939ක් එනම් 78.55%ක ප්‍රතිශතයකි.

ඒ අනුව SG Global (Pte) Holdings Limited සමාගම සතු එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි කොටස් ප්‍රතිශතය තවත් 2.93%කින් ඉහළ ගොස් තිබේ.

Visits: 382