සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් වෙතින් කොටසකට ශත 50 බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම (SDF.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් ශත 50ක් බැගින් ලබාදීමට කටයුතු කරන බව සමාගම සඳහන් කරයි.

මෙය 2022 මාර්තු 31 වැනිදායි අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන අවසන් ලාභාංශ ගෙවීම ලෙසද සැලකෙයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ඔක්තෝබර් 18 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස සැප්තැම්බර් 27 වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස්හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

ඊයේ දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 12.40ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පෙර දිනයේදී කොටසක වටිනාකම වූ රුපියල් 12.70ට සාපේක්ෂව රුපියල් ශත 30ක නම් 2.36%ක පසුබැසීමකි.

Visits: 64