නෙළුම් කුළුණේ පළමු දින ආදායම රුපියල් ලක්ෂ 21ක්

නෙළුම් කුලුණ ජනතාව වෙත විවෘත කෙරුණු පළමු දිනය වූ පෙරේදා (15දා) රුපියල් ලක්ෂ 21ක ආදායමක් හිමි කරගෙන ඇතැයි නෙළුම් කුලුණ පෞද්ගලික සමාගම පවසයි.

එහි ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා ඊයේ (16දා) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පවසා සිටියි.

සැප්තැම්බර් 15 වැනිදා නෙළුම් කුලුණ මෙරට ජනතාව වෙත සහ සංචාරකයන් වෙත විවෘත කෙරිණි. ඒ අනුව එදින පමණක් 2,662 කට ආසන්න පිරිසක් නෙළුම් කුලුණ නැරඹිමට පැමිණ තිබේ.

සතියේ දිනවල පස්වරු 2.00 සිට රාත්‍රී 10.00 දක්වා නෙළුම් කුලුණ විවෘතව තැබේ. එසේම සති අන්තයේදී දහවල් 12.00 සිට රාත්‍රී 10.00 දක්වා එය සංචාරයකන්ට විවෘතව තැබේ.

මෙහිදී එක්වරක් නෙළුම් කුලුණේ ඉහළට නැගීම සඳහා රුපියල් 500ක ගාස්තුවක් අය කරන අතර, එක අවස්ථාවකට වඩා වැඩියෙන් නෙළුම් කුලුණ ඉහළට නැගීම සඳහා රුපියල් 2,000ක ටිකට් පතක් මිලදී ගත යුතුය.

මීටර් 350ක් උස නෙළුම් කුලුණ, අද වනවිට දකුණු ආසියාවේ උසම කුලුණ වන අතර, ආසියාවේ 11වැනියට ඉහලම කුලුණ වෙයි. එසේම එය ලෝකයේ 19වැනියට උසම කුලුණද වෙයි.

Visits: 76