යුනිලිවර්, Comfort හි ප්‍රීමියම් සුවඳ සමඟින් නව Surf Excel 2-in-1 වෙළෙඳපොලට හඳුන්වා දෙයි

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම සිය නවතම Surf Excel2-in-1 රෙදි සෝදන ඩිටර්ජන්ට් නිෂ්පාදන Comfort Fabric Conditionerහි ප්‍රීමියම් සුවඳ සමඟින් වෙළෙඳපොලට හඳුන්වාදීමට පසුගියදා කටයුතු කරනු ලැබීය. ඒ මෙරට පාරිභෝගිකයන්ගේ වෙනස්වන ජීවන අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් නිරන්තරයෙන් නව නිෂ්පාදන හඳුන්වාදීමේ යුනිලිවර් ශ්‍රී ලංකාහි කැපවීම යළි යළිත් ප්‍රදර්ශනය කරමිනි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට Comfort Fabric ප්‍රීමියම් සුවඳ සමඟින් ඇඳුම්වල තද පැල්ලම් ඉවත් කරන Surf Excelහි සියලු අන්තර්ගතයන් අත්විඳීමේ හැකියාව පාරිභෝගිකයාට උදා වේ. සෑම රෙදි සේදුමකින් අනතුරුව Comfort හි ප්‍රීමියම් සුවඳ ඇඳුම්වලට නැවුම් බවක් හා සුවඳවත් බවක් එක් කරන අතරම නව සංයෝගය මඟින් රෙදි සේදීමේදීද දෑතට සුමුදු බවක් ගෙන එනු ඇත. ඒ නිසාම රෙදි සේදීම සියලු දෙනාට වඩා ප්‍රසන්න අත්දැකීමක් වනු නොඅනුමානය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ යුනිලිවර් ශ්‍රී ලංකාහි Homecare and Nutritionහි අලෙවි අධ්‍යක්ෂිකා ෂර්මිලා බණ්ඩාර මහත්මිය සඳහන් කර සිටියේ “ එළිමහනේ දරුවන් සෙල්ලම් කරන විට දරුවන්ගේ ඇඳුම්වල කුණු පැල්ලම් ඇතිවීම ගැන පමණක් සිතිය යුතු නැහැ. එය දරුවන්ට සතුටු වීමට, බොහෝ දේ පිළිබඳ අවධානය යොමු කිරීමට, මිතුරන් ඇති කර ගැනීමට වගේම අදහස් බෙදා හදා ගැනීමට කදිම අවස්ථාවක්. ඔවුන්ගේ අනාගතය ශක්තිමත් කිරීමට අවශ්‍ය පෞරුෂ වර්ධනයත්, සමාජයට නිර්භයව මුහුණදීම සඳහාත් එය ඔවුන්ට ඉතාමත් වැදගත්.” යනුවෙනි. වැඩි දුරටත් අදහස් දැක්වූ ෂර්මිලා මහත්මිය “පරම්පරා ගණනාවක් පුරා ඇඳුම්වල තද පැල්ලම් ඉවත් කිරීම සම්බන්ධයෙන් රට පුරා විසිරී සිටින මව්වරුවන්ගේ නොමඳ විශ්වාසය හිමිකර ගෙන ඇති Surf Excel,Comfortහි ප්‍රීමියම් සුවඳ සමඟින් රෙදි සේදීම පමණක් නොව සුවඳවත් ඇඳුම් ඇඳීමත් කදිම අත්දැකීමක් බවට පත් කරනු ඇති බව මගේ විශ්වාසයයි’‘ යනුවෙන්ද පවසා සිටින ලදී.

රෝස සහ නිල් පැහැති ඇසුරුම් තුළින් හඳුන්වා දී ඇති Comfort Fabric Conditioner හි ප්‍රීමියම් සුවඳ කැටිකරගත් නවතම Surf Excel 2-in-1 ප්‍රමාණ 7කින් දිවයින පුරා සිල්ලර හා සුපිරි වෙළෙඳසැල්වලින් මිලදී ගැනීමේ අවස්ථාව මෙරට පාරිභෝගිකයින් වෙත උදා කර දී ඇත.

Visits: 31