අන්තර්ජාල ගෙවීම් පහසුකරමින් ශ්‍රීලංකන් ගුවන් සේවය BOC සහ HNB සමඟ අත්වැල් බැඳගනියි

ජාතික ගුවන් සේවය ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවය, වීසා සහ මාස්ටර් කාඩ් ගෙවීම් සඳහා නව අන්තර්ජාල ගෙවීම් ද්වාර හඳුන්වාදෙමින් මෙරට කීර්තිමත් දේශීය බැංකු වන ලංකා බැංකුව (BOC) සහ හැටන් නැෂනල් බැංකුව (HNB) සමඟ හවුල්කාරීත්ව ගිවිසුමකට එළඹ තිබේ.

ශ්‍රීලංකන් ගුවන් සේවයේ වෙබ් අඩවියෙන් වීසා හෝ මාස්ටර්කාඩ් භාවිතයෙන් ගුවන් ටිකට්පත් සහ අනෙකුත් සේවාවන් ලබාගන්නා පාරිභෝගිකයින්ට පහසු ගෙවීම් විකල්ප සමගින් ඉතා ආරක්ෂිත උසස් පරිශීලක අත්දැකීමක් මෙමගින් ලබාගත හැක.

BOC සහ HNB මගින් බල ගැන්වෙන ශ්‍රීලංකන් හි වැඩිදියුණු කරන ලද Visa සහ Mastercard ගෙවීම් ද්වාර පද්ධතිය පාරිභෝගිකයින්ට ගෝලීය මුදල් ඒකක 42 කින් මුදලින් ගෙවීමේ විකල්පය ලබා දෙයි. HNB-CyberSource ‘Decision Manager’ මෙවලම මඟින් පද්ධතියට ගොඩනගා ඇති උසස් ක්‍රමවේදය හේතුවෙන් පාරිභෝගිකයින්ට ආරක්ෂිතව සිය ගනුදෙනු සිදු කිරීමේ හැකියාව පවතී.

මෙමගින් ශ්‍රීලංකන් වෙබ් අඩවියෙන් ඉතා පහසුවෙන් සහ ආරක්ෂිතව ගුවන් ටිකට්පත් මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයන් දිරිමත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. තවද, ගුවන් සමාගමේ වෙබ් අඩවියෙන් සෘජුවම ගුවන් ප්‍රවේශ පත්‍ර මිලදී ගන්නා පාරිභෝගිකයින්ට වෙනත් අද්විතීය ප්‍රතිලාභද හිමිකර ගත හැකිවේ. මෙයට අඩුම ගාස්තු, සේවා ගාස්තු රහිත විශේෂිත ප්‍රතිලාභ ඇතුළත් වන අතර කිසිදු ගාස්තුවකින් තොරව පිටත්වීමට පැය 24කට පෙර පළමු දිනය වෙනස් කිරීමට සහ ප්‍රවේශපත්‍ර අවලංගු කිරීමට හැකියාව පවතී.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සේවයේ වාණිජ සේවා සහ සහාය ජ්‍යෙෂ්ඨ කළමනාකරු, කොන්රඩ් රෙෂාන්ත මහතා ‍මෙසේ පැවසීය “ අනාගතයේ දී ගුවන් සේවා වෙන්කරවා ගැනීමේ බොහෝ දුරට ඩිජිටල් ක්ෂේත්‍රයට අන්තර්ගත වනු ඇත. ශ්‍රීලංකන් එයාර්ලයින්ස් හි මාර්ගගත වෙන්කිරීමේ නාලිකාව අති නවීන සහ පරිශීලකයින්ට පහසු අත්දැකීමක් ලබා දීම සඳහා පුළුල් කර තිබෙනවා. විශේෂයෙන් අමතර ඉඩකඩ සහිත ආසන, අමතර ගමන් මලු, විශේෂ ආහාර සහ ගමන් රක්ෂණ ඇතුළුව අපගේ මගීන්ට ගුවන් ගමන් සඳහා අතිරේකව අවශ්‍ය ඕනෑම සහායක සේවාවක් වෙන්කරවා ගැනීමේ පහසුකම දැන් හිමිව තිබෙනවා. ”  යැයි ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රීලංකන් ගුවන් සේවයේ ලෝක ව්‍යාප්ත විකුණුම් සහ බෙදාහැරීමේ ප්‍රධානී දිමුතු තෙන්නකෝන්, මහතා මෙසේ පැවසීය “ මෙම නව හවුල්කාරිත්වයන් මගින් ශ්‍රීලංකන් ගුවන් සේවයේ වෙබ් අඩවිය භාවිතා කිරීමේදී පාරිභෝගිකයන්ගේ විශ්වාසය වර්ධනය කිරීමට මග සැලසෙනු ඇතැයි අපි විශ්වාස කරනවා. මාර්ගගත විකුණුම් ප්‍රමුඛස්ථානයක් ගන්නා බැවින්, ප්‍රමුඛතාවයක් ලෙස එම තාක්ෂණික මාර්ග සංවර්ධනය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා අඛණ්ඩව ආයෝජනය කරමින් පාරිභෝගිකයින්ගේ ඩිජිටල් අත්දැකීම සහ නම්‍යශීලී බව වැඩි දියුණු කිරීමට ගුවන් සමාගම නිරන්තරයෙන් කටයුතු කරනවා. ”  යැයි ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්හ.

නව වීසා සහ මාස්ටර්කාඩ් ගෙවීම් දොරටු ගුවන් සේවයේ ඇමතුම් මධ්‍යස්ථානය , ජංගම යෙදුම් මෙන්ම ශ්‍රීලංකන් ගුවන් සේවා පුහුණු පාසලේ සහ ශ්‍රීලංකන් හොලිඩේස් වෙබ් අඩවි වැනි ඩිජිටල් වේදිකා වෙත ව්‍යාප්ත කිරීමට උත්සාහ කරමින් පවතියි. නුදුරු අනාගතයේ දී චීනයේ UnionPay සහ ජපානයේ JCB වැනි ගෙවීම් විකල්ප හඳුන්වා දීමට ගුවන් සමාගම තවදුරටත් කටයුතු කරමින් සිටියි.

SriLankan වෙබ් අඩවිය දැනටමත් Visa සහ Mastercard ගෙවීම් වලට අමතරව American Express Discover සහ Diners Club cards ගෙවීම් සඳහා අනුමත කරයි. පාරිභෝගිකයින්ට ඩිජිටල් මුදල් පසුම්බි Alipay සහ WeChat සහ මාර්ගගත බැංකුකරණ විකල්පය වන POLi මගින්ද ගෙවිය හැක.

Visits: 37