හෙල ඇපරල් සමාගම‍ ලසිත් මාලිංගගෙන් කණ්ඩායම් හැඟීමෙන් වැඩ කිරීම ගැන උපදෙස් ගනී

ලොව සුප්‍රසිද්ධ වෙළෙඳ නාම රැසක ඇගලුම් නිෂ්පාදනයේ නිරත මෙරට ප්‍රමුඛ පෙළේ ඇගලුම් සමාගමක් වන හෙල ඇපරල් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම, මෙරට හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග සම්බන්ධ කරගනිමින් සිය කාර්ය මණ්ඩලය වෙත විශේෂ උපදේශාත්මක සැසියක් පවත්වන්නට කටයුතු කළ බව පවසයි.

විශේෂයෙන්ම මාලිංග සතු අමතක නොවන අත්දැකීම්, ඔහුගේ ශක්තිය ඇතුළු කාරණා සම්බන්ධයෙන් එම කාර්ය මණ්ඩලය වෙත යම් දැනුමක් ලබා දීමේ අරමුණින් මෙම අවස්ථාව සංවිධානය වී තිබේ.

ඒ අනුව කණ්ඩායම් හැඟීම වඩාත් දියුණු කරගනිමින් සිය සමාගම ඉදිරි සාර්ථකත්වයන් වෙත රැගෙන යන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් මාලිංග මෙහිදී අදහස් දැක්වීම් සිදු කර තිබේ.

“මෙම වැඩසටහන යටතේ පැවැති අන්තර්ක්‍රියාකාරී වාරය යටතේදී මාලිංග නායකත්වයේ වැදගත්කම, කණ්ඩායමක් ගොඩනැගීම, දායකත්වය, ස්වයං-විනය සහ කණ්ඩායමේ යහපත සම්බන්ධයෙන් නිරන්තරයෙන්ම සිදු කරන දියුණු කිරීම් සම්බන්ධයෙන් කතා බස් කළා.” යනුවෙන් හෙල ඇපරල් පවසයි.

මෙම අවස්ථාව වෙනුවෙන් හෙල ඇපරල් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ ඉහළ කළමනාකාරීත්වය, නිලධාරීන් ඇතුළුව කණ්ඩායමක් සම්බන්ධ වී තිබේ.

Visits: 87