ක්‍රිස්වර්ල්ඩ් පීඑල්සී වෙතින් කොටසකට ශත 20 බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ලොජිස්ටික් මෙහෙයුම් සමාගමක් වන ක්‍රිස්වර්ල්ඩ් පීඑල්සී සමාගම (CWL.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. අද රැස්වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ තීරණය ගෙන තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් ශත 20ක් බැගින් ලාභාංශ ගෙවීම සිදු කරන බව ක්‍රිස්වර්ල්ඩ් පීඑල්සී සමාගම පවසයි.

මෙය 2022 මාර්තු 31 වැනිදායින් අවසන්වූ මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු සහ අවසන් ලාභාංශ ගෙවීම ලෙසද සඳහන්ව තිබේ.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස සැප්තැම්බර් 15 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස අගෝස්තු 29 වැනිදා නම් කෙරී තිබේ.

මේ අතර මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් සමාගම වැඩි දුරටත් සඳහන් කරයි.

Visits: 70