ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානියා හමුවෙයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා ඊයේ දිනයේදී වොෂිංටන් නුවරදී ලෝක ආහාර වැඩසටහනේ (WFP) විධායක අධ්‍යක්ෂ ඩේවිඩ් බේස්ලි හමුවූ බව පවසයි.

ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනාවකට අනුව ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානියාගේ ඉදිරි ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණු බව සඳහන් වෙයි.

පසුගිය ජූනි මාසයේදී රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී ලෝක ආහර වැඩසටහනේ ප්‍රධානියාට මෙලෙස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස ආරාධනා කෙරිණි.

Visits: 60